මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී දේශපාලනික තත්වය හේතුවෙන් ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළවල් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති පසුබිමක, එහි සෘජු බලපෑම අද (03) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතද එල්ල විය.
ගණුදෙනු අවසානයේදී ප්‍රධාන දර්ශකයන් සියල්ලම පාහේ රතු පැහැයෙන් සටහන් වූ අතර, වෙළෙඳපොළ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කළේය.
අද දින ගණුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,290.68 කින් පහත වැටී ඒකක 22,443.38 ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස 5.44% ක විශාල පසුබෑමකි.
එමෙන්ම, වඩාත් ක්‍රියාකාරී සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකයද ඒකක 322.32 කින් (4.86%) පහත වැටී ඒකක 6,313.65 ක් ලෙස වාර්තා විය.
මිල දර්ශක පහත වැටුණද, ආයෝජකයින් සිය කොටස් අලෙවි කිරීමට පෙළඹීම හේතුවෙන් වෙළෙඳපොළ පිරිවැටුම ඉහළ අගයක් (රුපියල් බිලියන 9.56 ක්) ගෙන තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මැද පෙරදිග කලාපයේ යුධමය තත්වය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ ආයෝජකයින් අවදානම් සහගත ආයෝජනවලින් ඉවත් වීම මෙම ගෝලීය කඩා වැටීමට හේතු වී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනය ආරම්භයේ සිටම දැඩි අස්ථාවරත්වයක් පෙන්නුම් කළ අතර, දහවල් 10:30 න් පසුව යම් යථා තත්වයට පත්වීමක් පෙනෙන්නට තිබුණද ගණුදෙනු අවසන් වන විට යළිත් පහළ මට්ටමකට වැටී තිබුණි.

පචය යවමුද මේසෙට ගහල ට්‍රම්ප්ට කියන්න දැන් ඇති!!!!! කියල.
ReplyDeleteමේ ආණ්ඩුවට අනුව සූදු පොල කඩා වැටී තිබේ.
ReplyDelete