විධිමත් නොවන සහ වංචනික ලෙස මෙරටට ගෙන්වන ලද බාල ගල්අඟුරු හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අඳුරු වායු පටලයක් නිර්මාණය වී ඇති බවත්, ඉදිරි කාලයේදී රට බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, රසායනික වශයෙන් මෙන්ම බලශක්ති උත්පාදනය අතින්ද බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් පරිසරයට අහිතකර කළු දුමාරයක් එක්වෙමින් පවතින බවයි.
මේ වන විට කොළඹ නගරයට ඉහළින් දර්ශනය වන අඳුරු වායු පටලය මෙම ගල්අඟුරු බලාගාරයේ පවතින රසායනික ප්‍රශ්නවල ප්‍රතිඵලයක් විය හැකි බවට ඔහු සැක පළ කරයි.
මහජන උපයෝගිතා කොමිසම උපුටා දක්වමින් හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ, නිවැරදි ලෙස ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට කටයුතු නොකළහොත් එළඹෙන සැප්තැම්බර් - ඔක්තෝබර් මාස වන විට මෙරට තුළ දැඩි ගල්අඟුරු හිඟයක් ඇති විය හැකි බවයි. විදුලිය යනු ජලය සහ ඔක්සිජන් මෙන් අත්‍යාවශ්‍ය සාධකයක් බැවින්, මෙම අර්බුදය ජන ජීවිතයට ඉතා බරපතල ලෙස බලපානු ඇතැයි ඔහු සඳහන් කළේය.
වර්තමාන බලශක්ති කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ, 2010 වසරේදී හඳුන්වා දුන් 'පියස්ස මත සූර්ය බලශක්ති' වැඩසටහන අද වන විට රටට විශාල සහනයක් වී ඇති බවයි. සති අන්තයේ උදෑසන 9 සිට සවස 4:30 දක්වා කාලය තුළ වෙනත් කිසිදු බලාගාරයක සහායකින් තොරව රටේ විදුලි අවශ්‍යතාවය සපුරාලීමට මෙම සූර්ය බල පද්ධති සමත් වී ඇති බවත්, එය නොතිබුණේ නම් රට මීට වඩා බරපතල ප්‍රශ්නයකට ලක්වීමට ඉඩ තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් මෙරට තේ, පොල්, රබර් වැනි අපනයනවලට මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයටද බලපෑම් කළ හැකි බව රණවක මහතා මෙහිදී අවධාරණය කළේය. "ලෝකයේ කොහේ බෝම්බ පිපුනත් අපේ රටේ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගැනීමටත්, කර්මාන්තශාලා පවත්වාගෙන යාමටත් විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි," යැයි ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, දේශපාලන කතා මගින් මිනිසුන් රැවටිය හැකි වුවද, යන්ත්‍ර සූත්‍ර හෝ ජාත්‍යන්තර ප්‍රජාව රැවටිය නොහැකි බවයි. බොරු ප්‍රකාශ මගින් සත්‍යය වසාගත නොහැකි බවත්, නිසි ප්‍රතිපත්තියක් නොමැති වුවහොත් යන්ත්‍ර සූත්‍ර පවා අක්‍රිය වී රටේ විදුලි අර්බුද උග්‍ර වනු ඇති බවත් ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය

ඕවා අහන අය නෙවෙයි අද ඉන්නෙ.
ReplyDeleteපච චම්පික අපි ඔටුවො කියලා හිතුවද ඔහොම බොරු කියන්න
Deleteගිය අවුරුදු වලත් ඔය දූවිල්ල තිබුනා.. ඉන්දියාවෙන් ආවා කියලත් කිව්වා
tissa කුට්ටිගෙ ගනට වෙටිලා චම්පිකා
හුණ්ඩු ගවයන්ට කට උත්තර නෑ
Deleteලංකාවෙ ආන්ඩුව කියාවි මැදපෙරදිග යුද්ධෙ නිසයි ඔය වලාව ආවෙ කියලා. ලංකාවෙ ඉන්නේ පුන්නක්කු කන සෙට් එකක් කියලා ඔබ තුමාට අමතක වෙලා.
ReplyDeleteAir quality index has been dangerously low for a few days. Abnormal 'misty' condition reminds us polluted India.
ReplyDelete
ReplyDeleteMr. Wimal, unfortunately the air quality was bad last year as well,
and we still remember it.
Please don’t assume everyone is your age😂😂😂😁😁
Don't cry here
Deleteඩෝබියො කලබල වෙලා.
ReplyDelete