වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම මත පදනම්ව ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ දින ක්‍රමය නොසලකා හරිමින් පැමිණෙන රියදුරන් ඉවත් කිරීමට පොලිසිය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කළේ, නියමිත දිනයට අදාළ නොවන වාහන ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයට ඇතුළු වීමට පෙරම ඉවත් කරන ලෙස සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
සමහර පිරවුම්හල් අසල මෙම නීතිය උල්ලංඝනය කරමින් සියලුම අංක සහිත වාහන පෝලිම් ගැසීම හේතුවෙන් මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
නියමිත දිනයට නොගැළපෙන අංක සහිත වාහන පිරවුම්හලට ඇතුළු වීමට පෙරම හරවා යැවීමට පියවර ගැනේ.
ඉන්ධන පෝලිම් තුළ අශෝභන ලෙස හැසිරෙමින් ගැටුම් ඇති කරගත් පුද්ගලයන් පස් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.
අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් වැළකී, QR ක්‍රමවේදය සහ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දින පිළිපදිමින් ඉන්ධන ලබා ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මම අද දවල් පෙට්‍රල් ගැහුව බමිබලපිටියෙ ඔත්තෙ ඉරටිටෙ කතාවක් නැහැ. හැම එකටම ඉන්ධන දෙන්න.
ReplyDelete