අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා විසින් මේ සම්බන්ධයෙන් වන යෝජනාව කෙටුම්පත් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
මෙම අපනයන තහනම එළඹෙන ජූලි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති බව එරට රාජ්‍ය පුවත් සේවය වන 'ටාස්' (TASS) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක බොරතෙල් සහ තෙල් ආශ්රිත නිෂ්පාදන වෙළඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්චාවචනය වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, විදේශීය වෙළඳපොළ තුළ රුසියානු බලශක්ති සම්පත් සඳහා පවතින ඉහළ ඉල්ලුම තවදුරටත් ධනාත්මක සාධකයක් ලෙස පවතින බව ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එරට බොරතෙල් පිරිපහදු කිරීමේ ධාරිතාවය පසුගිය වසරේ මට්ටමේම පවතින බැවින් දේශීය වෙළඳපොළට අවශ්‍ය තෙල් නිෂ්පාදන සැපයුම ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වනු ඇති බවයි.
යුක්රේනය විසින් රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර ඉහළ යාම සහ කාලීනව ඇතිවන ඉන්ධන ඉල්ලුම හේතුවෙන් පසුගිය වසරේදී රුසියාවේ ඇතැම් ප්‍රදේශවල පෙට්‍රල් හිඟයක් වාර්තා විය.
ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය හිඟය මඟහරවා ගැනීමට රුසියාව මීට පෙර අවස්ථාවලදී ද පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සීමා කිරීමට පියවර ගෙන තිබුණි.
රුසියාව පසුගිය වසරේදී පෙට්‍රල් මෙට්‍රික් ටොන් මිලියන 5ක් පමණ අපනයනය කර ඇති අතර එය දිනකට බැරල් 117,000කට ආසන්න ප්රමාණයකි.

අපේ රටේ ගොන් ආන්ඩුවක් ආවෙ නැත්තන් රට සූර්ය බලයෙන් තවදුරටත් ශක්තිමත් කරලා, වැඩිපුර විදුලි වාහන ආනයනය කරලා. මේ හරක් සූර්ය පද්ධති හදන එකටත් කෙලවලා විදුලි වාහන ගේන ඒවත් වරායේ හිරකරලා තිබ්බා. හැබැයි ඒව කරපු ගල් අඟුරු හොරා, විදුලි ඇමතියා පදින්නේ BYD එකක්. ඌට හොඳයි අනිත් උන්ට නරකයි. කෝටි 27ක වත්කම් තියෙන වසන්ත සමරසිංහගේ ලක්ශ 80ක පැනල් වලින් ඌට මාසෙකට ලක්ශ 4ක විතර ආදායම් එනවා, මාලිමාවට කඩේ ගියපු ගොන් හැත්ත තාමත් උන්ව හෝද හෝද බයිසිකල්, ත්‍රීවිල් කටු පැද පැද තෙල් පෝලිම් වල කටු කනවා.
ReplyDeleteඑකෙක් කියනවා ආසාවෙන්ලු පෝලිම් වල ඉන්නේ. ගාන වැඩි වෙන්න ඕනලු.
Deleteඒ වගේ වල් පරයන්ට තව රුපියල් 500ක් විතර වැඩියෙන් ගන්න තියෙන්නෙ.
මේවා ගැන කතාකරන්න විපක්ශේ එකෙක් වත් නැති එක තමයි තියෙන ප්‍රශ්නේ.
Deleteකාට කියන්නද ඉතින්. හරි නම් මේ වෙලාවල් වල සූර්ය පද්ධති හදන මිනිස්සු වත් මේ ගැන කතා කරන්න ඕන. තව මාසෙකින් ලයිට් කැපෙන්න ගත්තම මේවා කතා කරලා වැඩක් නැහැ.
තාමත් ඇදිවත නැතත් මේ ආන්ඩුවට කැමති අය ඉන්නවා. ඉතින් උන් විදවපුවාවේ. මෙහෙම යූටියුබර් ල ගෙනැල්ල විපක්ශෙට කුනුහරුප කියන්න කියල කියන සක්කිලි ජනාධිපති යෙක් අවීචියේවත් නැතුව ඇති. කොහොම මුන්ට චන්දෙ දුන්නද හිතකින්.
ReplyDelete