රට තුළ පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලිය පිරිමසා ගැනීම සඳහා රජය විසින් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කරන ලෙස රජය උපදෙස් දී තිබේ.
මීට අමතරව, දිවයින පුරා පිහිටි අත්‍යවශ්‍ය නොවන වෙළඳ ප්රචාරක පුවරු සහ අනෙකුත් අනවශ්‍ය විදුලි සැරසිලි සඳහා විදුලිය භාවිතය සීමා කරන ලෙස දන්වමින් රජය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
බලශක්ති ඉතිරි කිරීමේ මෙම වැඩපිළිවෙළට සමගාමීව, පළාත් පාලන ආයතන යටතේ පාලනය වන වීදි පහන් ද්විතීයික මට්ටමින් භාවිත කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් එම ආයතන දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ රජයේ ජාතික වැඩපිළිවෙළට අනුගත වෙමින් මෙම තීරණ ගත් බව අදාළ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

8ta curfew danmoth hoda nadda
ReplyDeleteකාංචනට යන කොමිස් කුට්ටිය නිසා තවම ඒක නවත්ත ගන්න ජවිපෙ පක්ෂ නායකයාට හැකියාවක් නැති හැටි! විලිලැජ්ජයි!
ReplyDeleteගොබ්බ ආන්ඩුව
ReplyDeleteමාර්ග සංඥා, මාර්ග ආලෝකකරණය, වායුසමනය, මෙන්ම රාත්‍රි සමාජශාලා සඳහා විදුලිය සැපයීම නවතා දමන්න
ReplyDeleteපොඩි උත්සවයක් එහෙම අරන් ලයිට් ටික ඕප් කරමුද?
ReplyDeleteඇමතිලාට පෙට්‍රල් ලීටර් 800ක් එක්ක අමතර Rs 80,000ක් .
ReplyDelete