ලෝක වෙළඳපොළේ බොරතෙල් ඇතුළු ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ, මෙරට ඉන්ධන මිල ද ඉතා ඉක්මනින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ගෝලීය යුදමය තත්ත්වයන් මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.
බලශක්ති ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ පවතින මිල සූත්‍රයට අනුව සහ වත්මන් පිරිවැය සලකා බැලීමේදී, මෙරට ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට සිදුවන බවයි.
ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 200 කින් පමණ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් පමණ ඉහළ දැමිය යුතුව ඇත.
මේ අතර, ලොව පුරා විවිධ රටවල ඉන්ධන මිල ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය මාධ්‍ය නාලිකා සහ රජයට හිතවාදී සමාජ මාධ්‍ය පිටු මඟින් පුළුල් ප්‍රචාරණයක් ලබා දෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කර සිටින්නේ, මෙරටට ඉන්ධන ආනයනය කරන පෞද්ගලික සමාගම් දෙකක් විසින් ගෙන්වන ලද ඉන්ධන නෞකා, මිල වැඩි කරන තෙක් බෙදා හැරීමකින් තොරව රඳවාගෙන ඇති බවයි.

මඩ බළකාය active වගේ.
ReplyDeleteඔව්. ජෙප්පො හෝදනව හේදිල්ලක් ආයෙ රෙදි නැතුව හෝදන්නෙ.
Deleteඋන් හිතාගෙන ඉන්නේ ජෙප්පො පල්ලියට හරි ආදරෙන් ඉන්නෙ කියලා.
කමක් නෑ දැනටමත් පල්ලියට උන් කරපු විනාසෙ හතුරෙක්ට අවුරුදු 100ක් ඉඳලත් කරන්න බැහැ. උන්ගේ බලු ප්ලෑන් ටික ඔක්කොම එලියේ.
දැන් කියාවි ලෝක අර්බුදේ තරම. මෝඩ ජෙප්පො ටික.
ReplyDeleteකයිවාරු ගහපු කාලේ ත්‍රිකුනාමලේ තෙල් ටැංකි ටික වත් සුද්ධ කර ගත්ත නම් මාස 6කට තෙල් ඉතුරු කර ගන්න තිබුනා.
මුන් කරන්න ගියේ විපක්ශෙ උන්ගෙන් හිතේ හැටියට පලි ගන්න ක්‍රමයක් හදන්න මහන්සි වෙච්ච එක විතරයි. දැන් මොකද උනේ.
මේ වෙලාවේ වහාම තෙල් වලට ගහන බද්ද අයින් කරන්න ඕන. රුපියල් 100ක් බදු මොනව කරන්නද? වහාම බදු අයින් කරපල්ලා. නැත්තන් ලීටරේ 450 වෙනවා.
ReplyDeleteවාහන ගෙන්නන වෙලාවේ ඉලෙක්ට්‍රික් වාහන විතරක් ගෙනල්ලා, සූර්ය විදුලියට ඉඩ දුන්නනම් අද රටම දිනුම්.
ReplyDeleteමේ ගොන් හැත්ත ඇවිත් ඒව ඔක්කොම විනාශ කරලා දැම්මා. අලුතින් දාන සූර්ය පද්ධති වලට රජයෙන් ගෙවන්නේ යුනිට් එකකට 19යි. කලින් තිබ්බ 27 දෙන එක පාඩුයි කිව්වා.
දැන් ඩීසල් බලාගාර වලින් යුනිට් එක ගන්නේ 101යි. ලයිට් බිල 4ගුණයක් ගෙවන්න ලෑස්ති වෙලා හිටපල්ලා.
හරි නම් ගොන් ජෙප්පො අනිත් උන්ගෙ එකටත් බිල ගෙවන්න ඕන. සතුටින් නේ උන් ගෙවන්නෙ අමු ගොන් හැත්ත.