ඉරාන නාවිකයන් පමණක් නොවේ වතු කම්කරුවන් ගැනත් බලන්න...

 


දමිළ ප්‍රගතිශිලි සංධානය වතු කරයේ ජනතාවට බලපාන ප්‍රධාන කරුණු 11ක් සම්මත කර ගත් බවත්, එය වතුකරයේ ජනතාවට ලබා දිමට රජය සමග සාකච්ඡා කරන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නායක පර්ලිමේන්ත මන්ත්‍රී මනෝ ගනේශන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීල සංධානයේ නායකවරයා (07) ඒ බැව් කියා සිටියේ, හැටන් කොටගල හින්දු කෝවිල් සංස්කෘතික ශලාවේ පැවති දමිළ ප්‍රගතිශීල සංධානයේ මහා සභා රැස්වීම අවසන් විමේන අනතුරුව මාධයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නායක මනෝගනේශන් මහතා කියා සිටියේ, වතුකරයේ ජනතාවට පර්චස් 07ක ඉඩම් ලබාදීම,වතුකරයේ වැඩ කරන නොකරන සෑම පුද්ගලයෙකුටම නිවාස සදා දීම, රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු.1750 වැටුප කුඩා තේ වතුවලට, තේ වත්තේ වැඩ කරන අනියම් සේවකයන්ට, අනිවාර්යයෙන් ලැබිය යුතු බවත්, එයට සමාන තවත් ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් (07) දමිළ ප්‍රගතිශීලි සංධානයේ මහ සභාව රැස් වූ බවයි.

එහිදි යෝජනා 11ටම දමිළ ප්‍රගතිශීලි සංධානයේ මහ සභාවෙන් අනුමැතිය ලැබූ නිසා එම ඉල්ලීම් ලබා දීමට රජය සමග සාකච්ඡා කරන බවයි මනෝ ගනේශන් මන්ත්‍රීවරයා කියාසිටියේ.

ජනාධිපතිවරයා සහ රජය බලයට ඒමට ප්‍රථම වතුකරයේ ජනතාවට ලබා දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කර නොමැති බවත්, වතුකරයේ ජනතාවට අනුකම්පා සහගතව නොව ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ලබා දීමට වතුමන් රජය සහ ජනධිපතිවරයා කටයුු කල යුතු බවයි මන්ත්‍රීවවරයා කියා සිටියේ.

ඉරානයේ නැවේ සිටි නාවිකයන්ට සිදු කල මෙහෙයුම හොද දෙයක් බවත්, මෙවැනිම ආකාරයට වතු කම්කරුවන් ගනත් බලන ලෙසයි මනෝ ගණේෂන් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම දමිළ ප්‍රගතිශීලි මහ සභා රැස්වීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන වන පා.ම පලනි දිගම්බරම්, .. වි.රාධා ක්‍රිෂ්ණන් යන මහතුන්ද සහභාගි විය.

රංජිත් රාජපක්ෂ 

1 Comments

  1. එතකොට රටේ ඉන්න අනෙක් මිනිසුන්ට ඔය ප්‍රශ්න නැත්ද. ඒ අය මිනිස්සු නෙමෙයිද..

    ReplyDelete
Previous Post Next Post