2030 වනවිට සමස්ථ නිමි තේ නිෂ්පාදනය කි.ග්‍රෑම්. මිලියන 400 දක්වා ඉහළ නැංවීම හා සමස්ථ තේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය නංවාලීම සහ කුඩා තේ වතු හිමියන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් “පිවිතුරු තේ ගම්මාන 500” ව්‍යාපෘතිය හා උපායමාර්ගික සැලැස්ම පිළිබඳ අපේගම පරිශ්‍රයේදි පවත්වන ලද විශේෂ වැඩමුළුවක් සඳහා සහභාගි විය.
ශ්‍ර්‍රී ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මට අනුව ආරම්භ කිරිමට නියමිත තේ සමූපකාර ගම්මාන පිළිබඳව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කළමණාකරුවන්, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්, කලාප තේ සම්බන්ධක නිලධාරීන්, ව්‍යාප්ති නිලධාරීන්, තේ පර්යේෂණ ව්‍යාප්ති නිලධාරීන් යන පිරිස් දැනුවත් කිරිම මෙහිදි සිදු විය.
මෙම පිවිතුරු තේ ගම්මාන ආරම්භ කිරිමේ මූලික අරමුණු වන්නේ තේ ගොවියා ව්‍යවසායකයෙක් ලෙස වර්ධනය කිරිම, තේ වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තය ඩිජිටල්කරණය කිරිම, තේ වගාව සඳහා නව තාක්ෂණය එකතු කිරිම, ප්‍රජා ශක්ති ව්‍යාපාරය හා ඒකාබද්ධව දිළිඳුකම තුරන් කිරිම යන අරමුණු වේ.
මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගි මහත්මිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රදීප් කුමාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කළමණාකරුවන්, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්, කලාප තේ සම්බන්ධක නිලධාරීන්, ව්‍යාප්ති නිලධාරීන්, තේ පර්යේෂණ ව්‍යාප්ති නිලධාරීන් යන පිරිස් සම්බන්ද විය.

ගොන් වැඩ කරන්න එපා බල්ලෝ. තව Export කරන්න පුළුවන් විදියක් හදාපන්. තව markets open කරන්න බලපන්
ReplyDelete