මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ජනාධිපති ආර්යාව එක්වන බවට තොරතුරක් ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
එය ඉතා හොඳ දෙයක් බවත් ඉතිහාසය පටන්ම මෙම චාරිත‍්‍ර රට තුළ ක්‍රියාත්මක වූව බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතා අනීතිකව අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සංවිධානය කළ "අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමට" අත්සන් තැබීම මහරගම රණවිරු ස්මාරකය අභියසදී ආරම්භ වූ අවස්ථාවට ඒක් වෙමිනි.
නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම ගිහි පැවිදි දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කළේ, වර්තමානයේ රටේ පාලනය පොලිස් අමාත්‍යාංශය මත පමණක් රඳා පවතින බවයි. විශ්‍රාම සුවයෙන් පසුවිය යුතු වයසක පසුවන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත සුරේෂ් සැලේ මහතාට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇති බව ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා පහක වාර්තාවල හෝ ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ FDI වාර්තාවේ සුරේෂ් සැලේ මහතාගේ නම සඳහන්ව නොමැත.
වසර හතක් පුරා සිදුකළ කිසිදු පරීක්ෂණයකින් ඔහු වැරදිකරුවකු වී නැති පසුබිමක, හදිසියේම ඔහුව "මහ මොළකරු" ලෙස නම් කර අත්අඩංගුවට ගෙන ඇත.
රජයට අවශ්‍ය වී ඇත්තේ අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සෙවීමේ මෙහෙයුම සාර්ථක බවට කතෝලික ජනතාවට පණිවිඩයක් ලබා දීමටයි.
මෙවැනි රණවිරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වඩාත්ම සතුටු වන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් (කොටිඩයස් හෝරාව) බවත්, සැලේ මහතා වැනි බුද්ධි නිලධාරීන් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවීම වැළකී ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම, ජයිඩ් අල්විස් කොමිෂන් සභා වාර්තාවට අනුව නිලන්ත ජයවර්ධන ලබා දුන් බුද්ධි තොරතුරු මත නිසි විමර්ශන සිදු නොකළ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි ද බණ්ඩාර මහතා පැවසීය.
ශානි අබේසේකර මහතා විසින් ගොතන ලද "ප්‍රබන්ධ" හේතුවෙන් මීට පෙරද නාවික හමුදාපතිවරුන් ඇතුළු රණවිරුවන් රැසක් සිරගත වූ බවත්, වර්තමානයේ සුරේෂ් සැලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගනිමින් ඔහුගේ ජීවිතය අවදානමට ලක් කර ඇති බවත් පැවසීය.
මෙම අත්සන් කරන ලද ජනතා පෙත්සම ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත අතර, අදාළ අනීතික ක්‍රියාමාර්ග වහාම නතර කර සත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සංවිධායකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ඉදිරිපත්වනේ කොයි ජනාධිපති ආර්යාවද? කුස්සියෙ ඉන්න එක්කෙනාද? හෝටලේ ඉන්න එක්කෙනාද?
ReplyDeleteමේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතාගේ නිදහස වෙනුවෙන් අභීතව පෙනීසිටින ගරුතර මහා සංගරත්නයටත්, දේශප්‍රේමී ජනතාවටත් අපගේ ආචාරය.
ReplyDelete