මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ජනාධිපති ආර්යාව එක්වෙනවා..

 


මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ජනාධිපති ආර්යාව එක්වන බවට තොරතුරක් ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

එය ඉතා හොඳ දෙයක් බවත් ඉතිහාසය පටන්ම මෙම චාරිත‍්‍ර රට තුළ ක්‍රියාත්මක වූව බවත් හෙතෙම සඳහන් කළේය. 

ඒ මහතා මේ බව කියා සිටියේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතා අනීතිකව අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සංවිධානය කළ "අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමට" අත්සන් තැබීම මහරගම රණවිරු ස්මාරකය අභියසදී ආරම්භ වූ අවස්ථාවට ඒක් වෙමිනි.

නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම ගිහි පැවිදි දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කළේ, වර්තමානයේ රටේ පාලනය පොලිස් අමාත්‍යාංශය මත පමණක් රඳා පවතින බවයි. විශ්‍රාම සුවයෙන් පසුවිය යුතු වයසක පසුවන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත සුරේෂ් සැලේ මහතාට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇති බව ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා පහක වාර්තාවල හෝ ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ FDI වාර්තාවේ සුරේෂ් සැලේ මහතාගේ නම සඳහන්ව නොමැත.

වසර හතක් පුරා සිදුකළ කිසිදු පරීක්ෂණයකින් ඔහු වැරදිකරුවකු වී නැති පසුබිමක, හදිසියේම ඔහුව "මහ මොළකරු" ලෙස නම් කර අත්අඩංගුවට ගෙන ඇත.

රජයට අවශ්‍ය වී ඇත්තේ අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සෙවීමේ මෙහෙයුම සාර්ථක බවට කතෝලික ජනතාවට පණිවිඩයක් ලබා දීමටයි.

මෙවැනි රණවිරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වඩාත්ම සතුටු වන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් (කොටිඩයස් හෝරාව) බවත්, සැලේ මහතා වැනි බුද්ධි නිලධාරීන් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවීම වැළකී ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම, ජයිඩ් අල්විස් කොමිෂන් සභා වාර්තාවට අනුව නිලන්ත ජයවර්ධන ලබා දුන් බුද්ධි තොරතුරු මත නිසි විමර්ශන සිදු නොකළ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි ද බණ්ඩාර මහතා පැවසීය.

ශානි අබේසේකර මහතා විසින් ගොතන ලද "ප්‍රබන්ධ" හේතුවෙන් මීට පෙරද නාවික හමුදාපතිවරුන් ඇතුළු රණවිරුවන් රැසක් සිරගත වූ බවත්, වර්තමානයේ සුරේෂ් සැලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගනිමින් ඔහුගේ ජීවිතය අවදානමට ලක් කර ඇති බවත් පැවසීය.

මෙම අත්සන් කරන ලද ජනතා පෙත්සම ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත අතර, අදාළ අනීතික ක්‍රියාමාර්ග වහාම නතර කර සත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සංවිධායකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

13 Comments

  1. හැක හැකMarch 15, 2026 at 3:37 AM

    මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ඉදිරිපත්වනේ කොයි ජනාධිපති ආර්යාවද? කුස්සියෙ ඉන්න එක්කෙනාද? හෝටලේ ඉන්න එක්කෙනාද?

    ReplyDelete
  2. මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතාගේ නිදහස වෙනුවෙන් අභීතව පෙනීසිටින ගරුතර මහා සංගරත්නයටත්, දේශප්‍රේමී ජනතාවටත් අපගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අපි හැමෝගෙම සහයත්.

      Delete
    2. රනවිරු සුරේෂ් සැලේ නිදහස් කරගැනීම සඳහා කොන්දේසි විරහිතව සහය දෙමි.

      Delete
  3. එකෙන්ම

    ReplyDelete
  4. අපිත් සහය දෙනවා

    ReplyDelete
  5. මොකද ප්ලාස්ටික් ශල්‍යකර්ම කරල ඉවරද. උන්දැ ආවත් එකයි නාවත් එකයි. අපිට පාන්ද. අපේ නැකැත් අපි කරනවා. පුන්චි අම්මලා නැති වුනාට අපිට පාන්ද

    ReplyDelete
  6. පුංචි අම්මද නැත්නං අනික් කෙනාද, හරියට කියන්න අපිත් ලැහැස්ති වෙන්න එපැයි

    ReplyDelete
  7. යකෝ ආණ්ඩුවේ බහුතරයකට පවුලක් පන්සලක් නැති නිසා අවුරුදු සමරන්න බැරි උනා කියල ජනතාව පලිද?
    මුළු රටම එක වෙලාවකට සියළු වැඩ නවත්තලා පුණ්‍ය කටයුතු කරලා, එක වෙලාවකට ලිපගිනි මොලවලා, කිරි උතුරවලා, කිරිබත් හදලා, වැඩ අල්ලලා, කෑම මේස හදලා එකට ආහාර අනුභව කරලා, දෙමවුපියන්ට වැඳලා, ගනුදෙනු කරලා, අවුරුදු කෙලිසෙල්ලම් කරලා සතුටු වෙලා, හිසතෙල් ගාලා, නාලා, අලුත් ඇඳුම් ඇඳගෙන රැකී රක්ෂාවලට ගිහින් එකිනෙකාට සුභ පතාගෙන අලුත් අවුරුද්දක් ආරම්භ කරන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. ශ්‍රී ලංකාව කියන්නේ මොන තරම් සුන්දර විශේෂිත රටක්ද අපේ සමහර නරුමයන්ට ඕවා වැදගත් නොවුනට. හැම දෙමවුපියෙක්ම අනාගත දවසක අපේ දරුවෝ හඳට ගියත් අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතිය, බුද්ධාගමට ගරු කරන විදියට තමයි ඇති දැඩි කරන්න ඕනෙ. අපේ රටේ පැවැත්ම ඇත්තේ ඒවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. eka thami loke divnuma rata. api danne naha mun apita puke arala, parampara ganakats, hath muthu paramparvatma ape/rate salli valata komis magin, project valin hora gaththa kiyala.

      Delete
  8. SUGI BANDA wagema anunge ganu gana hoyana ganu kichala godai...lida laga ganu set ekak wage...

    ReplyDelete
  9. Ambo, Kohomada ban redi adagena punchiammo ekka eliyata bahinney. Apey lamyi hadaganna deepalla ban.

    ReplyDelete
  10. Ubala suresh saleyta kade yana widiya dekkama ona podi ekketa therenawa ubala match ekak gahala kiyala. Match ekak gehuwa nam sadda nethuwa hitapan. Ubala nam gon harak bn.

    ReplyDelete
Previous Post Next Post