පවතින ඉන්ධන සංචිත, ගල් අඟුරු සැපයුම සහ ජල මූලාශ්රවල මට්ටම් අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්ලෙයාස් මහතා අවධාරණය කරයි.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වත්මන් විදුලි ඉල්ලුම සහ උත්පාදන හැකියාව පිළිබඳ සිදුකර ඇති ගණනය කිරීම් අනුව ජනතාව එවැනි බියක් ඇති කරගත යුතු නොමැති බවයි.
විදුලි ඉල්ලුම සහ සූර්ය බලශක්තියේ දායකත්වය දැනට මෙරට දෛනික උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 3000ක් පමණ වන බවත්, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් දහවල් කාලයේදී සූර්ය බලශක්තිය (Roof Top Solar) මගින් සපුරා ගන්නා බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 2000ක් පමණ පද්ධතියට එක්වන බැවින්, එම කාලය තුළ සූර්ය බලශක්තිය උපරිමයෙන් ලබා ගැනීම සඳහා ගල් අඟුරු බලාගාරවල ධාරිතාවය අඩු කර ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
නොරොච්චෝල බලාගාරයේ තත්ත්වය නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය මෙගාවොට් 900ක් වුවද, ඉන් ජාතික පද්ධතියට එක් කළ හැක්කේ මෙගාවොට් 810ත් 840ත් අතර ප්රමාණයකි.
බලාගාරයට ගෙන එන ලද ගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද, ඇතැම් අවස්ථාවල ගල් අඟුරු වල තත්ත්වය මත ධාරිතාවය මෙගාවොට් 40 සිට 100 දක්වා ප්‍රමාණයකින් උච්චාවචනය විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තේය.
කෙසේ වෙතත්, ඇතැමුන් පවසන පරිදි මෙගාවොට් 150ක අඩුවක් පවතින බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
රාත්‍රී කාලයේ අභියෝග කළමනාකරණය දවසේ ප්‍රධානතම අභියෝගය රාත්‍රී 6 සිට 10 දක්වා පවතින ‘රාත්‍රී උපරිම ඉල්ලුම’ කළමනාකරණය කිරීම බවත්, එම අවස්ථාවේදී සූර්ය බලශක්තිය නොමැති බැවින් ජල විදුලිය, ගල් අඟුරු, දැවි තෙල් සහ අවසාන විකල්පය ලෙස ඩීසල් යොදා ගනිමින් විදුලිය උත්පාදනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින සුළං සහ සූර්ය බලශක්ති විභවතාවයන්ද උපරිමයෙන් භාවිත කරමින් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට රජය සූදානම් බවයි

තොපි වරෙවු එක මිටට තියලා දෙන්න.
ReplyDelete