යුද්දය නිසා ගෙවතුවලත් ආහාර වවන්නැයි රජය කියයි..


ලෝක යුද්ධය හේතුවෙන්
, ගෙවතු මෙන්ම වගා කළ හැකි සෑම ස්ථානයකම එළවළු, පලතුරු මෙන්ම අල වර්ග වගා කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.වී. ශ්‍යාමලී ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

ඊට අදාළ කඩිනම් ජාතික වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ක්‍රියාවට නංවන බවත් ඒ සඳහා ජනතාවට අවශ්‍ය බීජ හා පැළ ග්‍රාමීය මට්ටමෙන් ලබාදීමට පියවර ගන්නා බවත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියාය.

ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය බීජවලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සන්නද්ධ වන බවත්, අවශ්‍ය බීජ, පොහොර සහ අනෙකුත් කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බවත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි.

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මෙරට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් පළ කළාය.

මෙම මාධ්‍ය හමුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චිගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව ජාතික කෘෂිකර්ම හා තොරතුරු මධ්‍යස්ථානයේදී පසුගියදා (20 වැනිදා) පැවැත්විණි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය, මහ කන්නය අවසන්වී යල කන්නය ආරම්භ වීමට නියමිත බවත්, මැද පෙරදිග යුද වාතාවරණය මෙරට කෘෂිකර්මාන්තයට හානියක් සිදු නොවනු ඇති බවත් සඳහන් කළාය.

රට තුළ මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බවත්, ඇතැම් දිස්ත්‍රික්කවල ඉදිරි යළ කන්නය සඳහා වන වගා කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසූ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ගොවීන්ගේ වගාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කෘෂිතාක්ෂණය ගොවින් වෙත ලබාදීමේ වැඩසටහන් මේ වන විට ග්‍රාමීය මට්ටමින් ආරම්භ කොට ඇති බවත් කීවේය.

උඩරට එළවළු වගාවට අවශ්‍ය බීජ විදේශ රටවලින් ආනයනය කරන නමුත් පහතරට එළවළු බීජ එම ගොවියන් විසින්ම නිපදවා ගන්නා බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානය මගින් මෙරටට අවශ්‍ය බීජ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කරන බවත් කීවාය. ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත යල කන්නය සඳහා කිසිදු අයුරකින් බිත්තර වී හිඟයක් මතු නොවන බව කී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය එළවළු බීජ ද අවශ්‍ය ප්‍රමාණයට පවතින බවද මෙහිදී සඳහන් කළාය.

කමල් සුරවීර
ජානක එස්. බණ්ඩාර

3 Comments

  1. ගෝඨාභය ව ත් පාස් කරලයි මේ ගොල්ලෝ පස්ස බලන්නේ

    ReplyDelete
  2. History is being repeated in the same manner !

    ReplyDelete
  3. ඉතා හොඳ යෝජනාවක්. ගමේ ජෙප්පො හිතන් ඉන්නේ ගම උන්ගෙ කියල. මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ

    ReplyDelete
Previous Post Next Post