තෙල් පෝලිමේ සිටි අයෙක් ඇද වැටී මිය යයි...


යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී ඇද වැටීමෙන් මියගොස් ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැල්ලව, මුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි මද්දුම කංකානම්ලාගේ අසිත රුවන් මද්දුමගේ නැමැති අයෙකි. 

පෙරේදා (01) සවස ගෝනගම පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්පොළේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී මොහු මෙලෙස හදිසියේම බිම ඇද වැටී තිබේ. 

අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔහුව වහාම කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය එම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

11 Comments

  1. ලංකාවේ කාලකන්නි විතරය් මේ වගේ තෙල් පෝලිම් ගහගෙන නටන්නේ.
    මොකද වෙලාව කන්න ඕනේ තරම් වෙලා තියෙනවා.
    යකෝ ආණ්ඩුව මෙච්චර කියනවා තෙල් නැවු එනවා, තෙල් තියෙනවා කියල
    ආත්මාර්ථකාමී , වෙලාව කන්න ඕනේ තරම් තියෙන උන් ටික පෝලිම් වල ලැගල ඉන්නවා
    අනෙක් මිනිස්සුන්ටත් කරදරයක් වෙලා

    ReplyDelete
    Replies
    1. Balayata path wennath kiuwe boru .balaya labilath kiuwe boru..minissu ewa dan therum aran inne.ithin anduwa dan aththak kiuwath minissu ewa viswasa karanne na ekai aththa kathawa.kiyapu

      Delete
    2. තෙල් එනවා? මොකේද එන්නෙ?
      ඉස්සරහට තෙල් නැව් වලට හෝමූස් හරහා එන්න බෑ ඉරානෙන් ගහනවා, අනිත් පැත්තෙන් යේමන් හුතීලා ගැහුවොත් මැදපෙරදිගින් තෙල් ගෙනත් ඉවරයි.
      එතකොට ඉන්දියාවයි, සිංගප්පූරුවයි තෙල් ගන්නේ මොකක් මිරිකලාද?

      ඉන්දියාව නම් රුසියාවෙන් ගන්නවා. සිංගප්පූරුව? ලෝකෙටම තෙල් දෙන්න රුසියාවට සැපයුම් නැහැ.

      උඹලා ඊලඟ සති කීපයේදී ගුටි කෑමට නියමිතයි.

      Delete
  2. karapuwa paladena kala tompachyata - okata henama wediyan ikamanin

    ReplyDelete
  3. ලපයාගේ සාපය වැදිලා මැරිලා

    ReplyDelete
  4. දැන් ආණ්ඩුවේ ඉන්න එව්වෝ මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න තිබුණේ.

    ReplyDelete
  5. Pohottuwe wadak. Post mortem eken ahu wei poison karala kiyala.

    ReplyDelete
  6. Anduwa mini maranwa neda

    ReplyDelete
  7. දැන් විපක්ෂයක් ඔය මළ මිනිය විකුණාගෙන කයි

    ReplyDelete
    Replies
    1. ඒ ජාජබ එවුන්

      Delete
  8. Covid kale thel polimaka hari gas polimaka hari manussayek monama hari hethuwakata miyagiyanam eka puduma widihata market kara aandu balaya labaganna.

    ReplyDelete
Previous Post Next Post