බොරැල්ල පොදු සුසාන භූමියේ 12 වනදා ආදාහන කටයුතු සම්බන්ධයෙන් පරස්පර වාර්තා කිහිපයක් අනාවරණය විය.
එදින පැමිණි දේහයන් කිහිපයක් ආදාහනය කිරීම සඳහා ජාවත්ත සුසාන භූමිය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
බොරැල්ල සුසාන භූමියේ සේවකයෙකු සඳහන් කළේ, ආදාහනාගාර ක්‍රියා කරවීමට අවශ්‍ය ඉන්ධන (ගෑස්) හිඟවීම හේතුවෙන් මෙලෙස දේහයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර වෙනත් ස්ථාන කරා යොමු කළ බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ගෑස් හිඟයක් පිළිබඳ පුවත අසත්‍ය බවයි.
දේහයන් ජාවත්තට යොමු කළේ වේලාවන් වෙන් කිරීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලුවක් මත මිස ඉන්ධන නොමැති වීම නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, බොරැල්ල සුසාන භූමිය සඳහා විශේෂිත ටැංකි හරහා අඛණ්ඩව ගෑස් සැපයුම ලැබෙන බැවින්, ආදාහන කටයුතු සඳහා ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කළේය

නිලධාරීනුත් දැන් වොෂින්ටන්ලා වෙලාද?
ReplyDeleteතාමත් හෝදනවා බඩේ බත් නෑ.
ReplyDeleteBonikara tharu mama ge Pelawatta karya la ya ta yawamu da
ReplyDelete