ඉන්ධන අවශ්‍යතාවයටත් වඩා තෙල් ඇණැවුම් කලා..- සිපෙට්කෝ


 ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවට වඩා 10%කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි.

පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සිටින්නේ නම්, රට තුළ කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයිය හැකි බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය. 

'දෙරණ බිග් ෆෝකස්' වැඩසටහන සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එළඹෙන මැයි මාසයේ මැද භාගය වන තෙක් මෙරටට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් සුරක්ෂිත කර ඇති බවයි.

"මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා.  

QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මාසයට පරිභෝජනය කරන ප්‍රමාණය කොහොමත් ලංකාවට එනවා. ඒක කොතැන ද මේක ගන්නේ කියන ප්‍රශ්නය එන්නේ. වාහනයකට තෙල් ටිකක් වැඩිය ගැහුවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තෙල් සංචිත අනුව තෙල් ඉවර වෙන්නේ නැහැ. 

ප්‍රශ්නය වෙන්නේ තෙල් ගබඩා කරන නිසයි. සමහර අය අපෙන් තෙල් බවුසර් 18ක් ඉල්ලලා තිබුණා. එයා සාමාන්‍යයෙන් බවුසර් 03ක් තමයි ගන්නේ. මොකද කියලා ඇහුවාම මාස 6කට ඕනේ කියලා කිව්වා. අපි එහෙම තෙල් ගේන්නේ නැහැ. හැමෝම මේ වගේ ලොකු ගාණක් ගත්තාම, මාස 6ට එන තෙල් ටික කොහොමත් එනවා. එකවර කට්ටියක් ගබඩා කරගත්තාම, දිනපතා තෙල් ගහන අයට තමයි දවසක් දෙකක් තෙල් නැති වෙන්නේ. සාමාන්‍ය පාරිභෝජන රටාවේ තියෙනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ."

4 Comments

  1. කල්ල මරේ කොමිස්

    ReplyDelete
  2. අනවශ්‍ය විදියට මිළදී ගන්න ආණ්ඩුවක් ඕනද.
    මේ එන්නෙ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු උනත් ලංකාවෙ මිල අඩු කරන්න බෑ කියන්නනෙ.

    ReplyDelete
  3. ඇනවුම් කලාට වැඩක්ද බූරුවෝ .. බඩු නැත්තම්... තොපි මේ වොයිස් කට් නොදී ... ගන්න පඩියට වැඩ කරපියව්.. මේ සිරසේ පක්කුන්ට ආණ්ඩු හෝදන්න බෑ බොලව්

    ReplyDelete
  4. මේ යකත් ටොම් පච කියන දාර ජෙප්පෙක්

    ReplyDelete
Previous Post Next Post