පවතින දැඩි ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රජයේ විශේෂඥ වෛද්‍ය සේවාව පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මීට විසඳුම් ලෙස සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත් රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන්, විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල සේවය කරන වෛද්‍ය විශේෂඥයින්ට තම සේවා ස්ථාන කරා වාර්තා කිරීම මේ වන විට දැඩි දුෂ්කරතාවයක් වී ඇති බවයි. ඇතැම් වෛද්‍යවරුන් සිය නිවසේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි රෝහල්වල සේවය කරන අතර, දිනකට කිහිප වතාවක් සේවා ස්ථානය වෙත යාමට සිදුවීම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව එම ලිපියෙහි සඳහන් වේ.
එම සංගමය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනා කිහිපයක් පහත පරිදි වේ:
සේවා කාලය සංශෝධනය කිරීම: සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර, සතියේ සම්මත සේවා කාලය පැය 36ක් ලෙස සකස් කිරීම.
ප්‍රවාහන දීමනා ලබාදීම: අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රවාහන දීමනා හිමි වුවද, විශේෂඥ වෛද්‍යවරුන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/99 යටතේ හිමිවන ප්‍රවාහන දීමනාව මෙතෙක් නොලැබෙන බැවින්, පවතින ඉන්ධන මිලට සාපේක්ෂව සාධාරණ වන්දියක් හෝ දීමනාවක් හඳුන්වා දීම.
දීමනා ස්ථාවර කිරීම: දැනට වවුචර්පත් පදනමින් ගෙවන අතිරේක රාජකාරි දීමනා, ස්ථාවර දීමනාවක් ලෙස ගෙවීමට පියවර ගැනීම.
DAT දීමනාව යාවත්කාලීන කිරීම: වර්තමාන තත්ත්වයට නොගැලපෙන DAT දීමනාව (Disturbance, Availability and Transport allowance) යාවත්කාලීන කිරීම.
මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත්, විශේෂයෙන්ම පර්යන්ත රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් අඩාල වීමේ හෝ බිඳ වැටීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද සංගමය විසින් ඉල්ලා තිබේ.

Vietnam suspends petrol, diesel, jet fuel tax to stabilise domestic market
ReplyDeleteOkay
Deletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDelete