පවත්නා ලෝක දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් හමුවේ සිදු වූ ඉන්ධන මිල සංශෝධනය තාවකාලික පියවරක් බවත්, ඉන්ධන සැපයුමේ අඛණ්ඩතාවය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් ලංකා ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
මිල වැඩිවීමත් සමඟ හෙට දිනයේ සිට ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ, බස් රථ ඇතුළු ප්‍රවාහන ගාස්තු මෙන්ම භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු පිළිගන්නා අතර, රටේ ආර්ථිකය තවමත් සම්පූර්ණයෙන් ස්ථාවර වී නොමැති පසුබිමක මෙය සාමාන්‍ය ජනතාවට යම් පීඩනයක් එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම මිල වැඩිවීම මෙරට ඩොලර් සංචිත අවසන් වීම හෝ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නිසා සිදු වූවක් නොවන බව අවධාරණය කළ කළමණාකාර අධ්යක්ෂවරයා, මෙය ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව සිදු කළ මිල ගැලපුමක් පමණක් බව පෙන්වා දෙයි.
අසල්වැසි පකිස්තානය සහ බංග්ලාදේශය වැනි රටවල්ද මේ වන විට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇති බවත්, පකිස්තානය ඉන්ධන මිල රුපියල් 50කින් පමණ ඉහළ නංවා ඇති බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.
ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල ඉහල දමා ඇත්තේ ඉතාම අඩුවෙන් බවත් එය 10%ක්වත් නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙත්තිකුමාර මහතා කියා සිටියේ, රට තුළ දැනට මාස තුනකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි. ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින් අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වී ඇති අතර, කිසියම් සැපයුම් බාධාවක් ඇති වුවහොත් ඒ සඳහා විකල්ප ක්‍රමවේද සහ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිතා කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.
අනාගත අපේක්ෂා "අපි හොඳම දේ අපේක්ෂා කරන අතරම නරකම තත්ත්වයට මුහුණ දීමට සූදානම්ව සිටිනවා" යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සිහිපත් කළ ඒ මහතා, ලෝක වෙළඳපොළේ පවතින යුදමය වාතාවරණය අවසන් වූ වහාම මෙරට ඉන්ධන මිලද පහළ යනු ඇති බවට විශ්වාසය පළ කළේය. ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සාමාන්‍ය පරිදි කටයුතු කරන ලෙසත්, මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

අඩුවට දීපන් ලපයගේ ටටට
ReplyDeleteපලයන් බැල්ලිගෙ පුතා යන්න.. කාලකන්නි ගු කන හැත්ත .. තොගේ මහා එකා පාර්ලිමේන්තු ගහින් කිව්වේ මාසෙක තියෙනවා ශතේකින් වැඩි කරන්නේ නා කියලා මොන... හු..... කාටද ඔයි ... තෝ දෙකට නැමිලා තොගේ වැල්ල පා ගනින් ... පාහරයා
ReplyDeleteමිසයිලයක් ගහන්න ඕන මේ පාපිසි කෑලි වලට
ReplyDeletemuta kikak wela yai mila bassanna
ReplyDeleteතොගේ අ.. ට
ReplyDeleteShut your mouth. You cant make available at least a working tyre inflator in fuel stations.
ReplyDelete