පොහොර සමාගමේ මුල්‍ය වංචා : ඇමති කුමාර ජයකොඩිට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ...

 


වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ 2015 වසරේදී ඒ මහතා පොහොර සංස්ථාවේ සේවය කළ අවධියේ සිදුවූයේ යැයි කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙනි. 

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි. 

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතර, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.

රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය. 

ඒ සඳහා අවශ්‍ය අධිචෝදනා පත්‍ර සකස් කරන ලෙස කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

6 Comments

  1. කොමිසමට 2025 ගල් අඟුරු වංචාව 215 පොහොර වංචාව ලෙස මාරු වෙලා

    ReplyDelete
  2. කොමිසමට 2025 ගල් අඟුරු වංචාව 2015 පොහොර වංචාව ලෙස මාරු වෙලා

    ReplyDelete
  3. නිදොස් කොට නිදහස්?

    ReplyDelete
  4. ගල් අඟුරු Mafia
    Every year they want to use fuel..

    This mafia

    ReplyDelete
  5. Yakado,අත්අඩංගුවට ගන්නේ නැද්ද?මාරයි.

    ReplyDelete
  6. This is clearly a gimmick. He will be declared clean in this transaction and Bribery Commission will do the laundry job to give him a clean chit. Then he will be automatically will be freed from Coal tender issue.

    ReplyDelete
Previous Post Next Post