රක්ෂිතයේ ගින්නක් සීඝ්‍රයෙන් පැතිර යයි...

 


හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක හට ගත් ගින්නක් එම රක්ෂිතය පුරා පැතිර යමින් පවතියි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයෙන් (26) දින රාත්‍රියේ හට ගත් ගින්න (27) දින වන විට නෝර්ටන්බ්‍රිජ් ගිනිගත්හේන මාර්ගයේ ගිනිගත්හේන ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථානය දක්වා පැතිර ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණ තත්වයත් සමග කිසියම් පිරිසක් විසින් එම ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රෙදේශවාසීන් කියා සිටින්නේ.

අප මේ පිලිබදව හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිළධාරි වි.ජේ.රුක්ෂාන් කල විමසුමකට ඔහු කියා සිටියේ පැතිර යන ගින්න පාලනයට මේ වන විට තම කාර්යාලයේ නිළධාරින් පිරිසක් ප්‍රදේශවාසීන් සමග එක්ව දැඩි පරිශ්‍රමයක් දරන බවයි.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. කලින් රජයන් ගිනි 🔥 නිවපු හැටි ප්‍රශංසනීයයි. පුxරුදාව ත්‍රස්තවාදය හැර මෙලෝ මගුලක් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය හා පච

      Delete
Previous Post Next Post