ඉන්දියාවේ පැවැති 'රයිසිනා සංවාදය' (Raisina Dialogue) අතරතුර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අදහස් දක්වා තිබේ.
අදාළ සංවාද මණ්ඩපය සජීවීව නරඹමින් සිටි සභාපතිවරයා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වේදිකාවලදී මෙරට නියෝජිතයන් මීට වඩා හොඳ සූදානමකින් පෙනී සිටිය යුතු බවයි.
අමාත්‍යවරුන් සෑම විටම විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයන් නොවිය හැකි නමුත්, ඕනෑම ප්‍රශ්නයකට හෝ අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ඔවුන්ව නිසි ලෙස දැනුවත් කිරීම විදේශ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන් පල්කි ෂර්මා වැනි ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙහෙයවූ සංවාදයකදී, ඉරාන නෞකා දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වන බව කලින්ම අපේක්ෂා කළ යුතුව තිබූවක් බව අමරසූරිය මහතා පවසයි.
"ශ්‍රී ලංකාව සියලු ජාතීන් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වන බවත්, අපගේ තීරණ සැමවිටම නීතිය, ප්‍රතිපත්ති සහ රටේ උපරිම යහපත මත පදනම් වන බවත් පවසමින් ඉතා සරලව හා දූරදර්ශීව එම ප්‍රශ්නයට පිළිතුරු දීමට අමාත්‍යවරයාට අවස්ථාව තිබුණා."
ලොව පුරා නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විශ්ලේෂකයන් 600කට අධික පිරිසක් ඉදිරියේ මෙවැනි ප්‍රවේශයක් අනුගමනය කළේ නම් එය වඩාත් සාර්ථක වනු ඇති බව ඔහු සඳහන් කරයි.
මීට පෙර සිදුවූ වැරදිවලින් පාඩම් උගෙන, ඉදිරියේදී මෙවැනි වැදගත් ගෝලීය වේදිකාවලදී මෙරට නියෝජිතයන් මීට වඩා හොඳ සහායකත්වයක් සහ සූදානමක් සහිතව ඉදිරිපත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පුලුවන් හොඳම විදිහට තමයි නාන්නෙ, මෙයා මොනව කියනවද මන්දන් නෑ.
ReplyDeleteඅයියෝ මූ විතරක් නෙමේ අපකීර්තියට පත්වෙන්නෙ මුලු රටම. මේක හුන්ඩුවක් කියල මහඑකා කියපු හරුපෙ මේකා හින්දා තවත් තහවුරු වෙනව.
ReplyDeleteDan moo monavada kiyala thiyenne kiyala nahane.
ReplyDeleteකොලයක් බලාගෙන වෙන ප්‍රශ්නෙකට දෙන්න ඕන උත්තරයක් කියවන හුන්ඩු රටේ අමතිලගෙන් ඔය විදියේ වැදගත් ප්‍රකාශ බලාපොරොත්තු වෙන්න එපා. ඒ විදියේ දෙයක් ඕන නම් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ගෙන් අහන්න කියන්න.
ReplyDeleteThese idiots have no souls because they don't know how to live with people. Their world is so small they think what ever they do is right. Most of all they don't care about our country. If you don't then it's very easy to behave way Infront any one.
ReplyDelete