මෙරට ඇති වූ ඉන්ධන සැපයුම් බාධාවන්ට විසඳුම් ලබාදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 38,000ක ඉන්ධන තොගයක් මාර්තු 28 වනදා කොළඹ වරායට ළඟා වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම හදිසි ඉන්ධන සැපයුම මෙරටට හිමිවේ.
පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන නෞකා සොයාගැනීමට ඇති වූ දුෂ්කරතා මත, ලංකා IOC සමාගමට ඉන්ධන සැපයීමට එකඟ වී සිටි මැදපෙරදිග සහ සිංගප්පූරු සැපයුම්කරුවන් එම ඇණවුම් ඉටුකිරීමට නොහැකි බවදන්වා තිබුණි.
මෙම හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සහනය හිමි විය.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර මාර්තු 24 වනදා දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි. ඊට සමගාමීව දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන එස්. ජයශංකර් මහතා සහ විජිත හේරත් මහතා ද මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය.

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියා මයි.
ReplyDeleteදැන් තෙල් ඔ්ඩර් කරන වැඩෙත් ජනාධිපතිගෙ වැඩක් වෙලා ද ?
ReplyDeletenot to cpc but for ioc
Deletecapacitiye hatyata thamai wada
Deleteලපයා පහුගිය දවස්වල කිව්වා තෙල් අරගෙන නැවක් මග එනවා කියලා. දැන් බලපුවාම ඒකත් බොරුවක්.
ReplyDeleteඅර ලීටරේ හයසීයයි ගන්නවද කිය කිය මූදෙ නවත්තන් හිටපු නැව් දැන් නැද්ද?
ReplyDeleteතියෙනව, ගනින්. (ඒ කිව්වේ බ්ලැක් මාකට් ඔයිල් ට්‍රේඩින් ගැන. උඹ දන් නැතුවට කොරන්ඩ දෙයක් නෑ.)
Deleteගූ නැව් නැද්ද? ගූ නැව්
Deleteඉදිරියෙදි පෝර හිඟේකුත් එනවලුනේ
Next drama is coal ships
Deleteහොර "ගලක්පත්ති": උඹ රෙන රීම ඇති, උඹ ගොනා හින්දා උඹේ බෙටි දාන්ඩ පුළුවන් වගාවල් වලට. හොඳට රීපන්.
Deleteඅනෙ දෙය්යිනේ ඉංග්‍රීසි කතා නොකර සිංහලෙන් කතාකරපල්ලා translator කෙනෙක් ගනිල්ලා හාන්නෙ නැතිව
ReplyDelete