යුද්දය දරුණු වුනොත් ගෑස් ඇණුවුම් කරන්න අමාරුයි..- ලිත්‍රො, ලාෆ්

 


ශිරාන් රණසිංහ

ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත් වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියා සිටී.

ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් සඳහන් කරයි.

ඒ අනුව ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇතැයි ද ඔවුහු පවසති.

මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම කියා සිටී.

කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වී ඇත.

Aruna

3 Comments

  1. හුන්ඩුවෙන්වත් බෑද?

    ReplyDelete
  2. ඕක හුන්ඩු කොටාට කියපං

    ReplyDelete
  3. Yudde nathikaleth barieke kohomath baha

    ReplyDelete
Previous Post Next Post