ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන කළු ජාවාරම් පරාජය කරමින්, ජනතාවගේ පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති, නීතිඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
දැනට රාජ්‍ය ආයතන සතුව ඇති වාහන 92,000ක සංඛ්‍යාව සැලකිල්ලට ගෙන, දෛනිකව එක් වාහනයකින් ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කළද දිනකට ලීටර් 92,000ක් ජාතික සම්පතක් ලෙස ඉතිරි කළ හැකිය.
රාජකාරි කටයුතුවලදී අනවශ්‍ය වාහන භාවිතය සීමා කරමින්, හැකි සෑම විටම පොදු භාවිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.රාජ්‍ය නිලධාරීන් ඉන්ධන අරපිරිමැස්ම සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට හා ප්‍රායෝගික වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතුය.
QR කේත ක්‍රමවේදයෙන් බැහැරව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් නොකළ යුතුය. ඇතැම් පිරවුම්හල් සේවකයින් අමතර මුදලක් ලබාගෙන නීති විරෝධී ලෙස ඉන්ධන නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇති අතර, එවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුය.
නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවල අනීතික ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු මත පදනම්ව වැටලීම් සිදුකර අධිකරණය හමුවට පමුණුවන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් දැනටමත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව දැඩිව ක්‍රියා කරන ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

159 ත් ඔය කියපු විදියටම කරන්න
ReplyDelete