නඩු වැටුනු ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි..?


මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වීම මත බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා වනු ඇති බවට ඇතැම් සමාජ ජාල වල වාර්තා පළවෙයි. 

නමුත් රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේ එ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවනු ඇති බවයි.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරයේ නඩු අංක HCB 481/2026 යටතේ නඩු පවරා ඇත. .

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතරඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.



3 Comments

  1. me anduwata kemathi unath me manussaya nam horek kiyala thamai hithenne.

    ReplyDelete
    Replies
    1. e kale amathi kawda kiyala UK WOOLF HAMPTON UNIVERSITY eka gawatama air tiket ekak dinaganna

      Delete
  2. ඔය පරණ එකක්. ඒක ගැන ආයතනයේ පරීක්ෂණයෙන් වැරදිකාරයා කරලා ඉවරයි. දඬුවම් දෙන්න බලපුවාම මිනිහා පැදුරටත් නොකියා තනතුර හැරදා ගිහින්. ඔය නඩුව අහන්න කොච්චර කාලයක් ගනීද දන්නෙ නෑ. ඔය චෝදනාව දැන දැනම වැදගත් ඇමති පදවියක් දුන්නෙ. දැන් එතන ඉඳන් බාල ගල් අඟුරු ගෙනත් රටටම කෝටි ගානක් පාඩු කළා. ඉල්ලා අස්වෙන්න නෙවෙයි, නඩුව ඉවර වෙනකල් හිරේ දමන්න ඕනෑ.

    ReplyDelete
Previous Post Next Post