ඉරානයෙන් ලෝකය බේරාගන්න සියළු රටවල් යුද්දෙට එන්න..- නෙතන්යාහු

 


ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන හමුදාමය ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට එක්වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක නායකයන්ගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.

දකුණු ඊශ්‍රායලයේ අරද් නගරයට එල්ල වූ ප්‍රහාරයක් නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති නෙතන්යාහු මෙසේ පැවසීය:

"ලෝක නායකයන් අප සමඟ අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. ඇතැම් පාර්ශවයන් දැනටමත් ඒ සඳහා යොමු වෙමින් පවතින බව මට පෙනෙන්නට තිබෙනවා."

ඉරානය ලෝක සාමයට තර්ජනයක් බව අවධාරණය කළ අගමැතිවරයා, ඉරානයේ ඉලක්කය වී ඇත්තේ ඊශ්‍රායලය පමණක් නොව සමස්ත ලෝකයම බවට ද අනතුරු ඇඟවීමක් කළේය.

පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාවක් ගොඩනැගීමට ඊශ්‍රායලය මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරතව සිටී.

11 Comments

  1. අනිවාර්යයෙන්, ඉරාන ත්‍රස්ථවාදීන් සහමුලින් විනාශ කල යුතුයි. ඉරානයේ සාමාන්‍ය ජනතාවට වෙඩි තියලා මැරුවා, 5000 කට වඩා මරා දැම්මා මෑතකදී ආර්ථික විනාශයට එරෙහිව කරපු සටන් වලදී, ඒ මදිවට වයස 17ක ළමයෙකුත් එල්ලලා මැරුවා විරෝධතා වලදී මියගිය පොලිස් කාරයෙකුට පහර දීමකට සම්භන්ධයි කියලා, ඒ ළමයා සම්භන්ධ නෑ විතරක් නෙවේ, අඩු ගානේ හරි හමන් නඩුවක් ඇහුවෙ නෑ, සති 3යි, දවස් 6යි නඩු විභාගය, අඩු ගානේ වයස ගැන වත් හිතුවෙ නෑ. යේමනයේ හූති සටන් කාමීන්ට අනුග්‍රහය දක්වනවා, යේමනය විනාශ කරලා තියෙනවා, ලෙබනන් වල හිස්බුල්ලාට අනුග්‍රහය දක්වනවා, හිස්බුල්ලා අඩු ගානේ ලෙබනන් ආණ්ඩුව කියන දෙයක් වත් ගණන් ගන් නෑ, ත්‍රස්ථවාදී කටයුතු කරනවා, ඊශ්‍රායලයේ මිනිස්සුන්ව නිකම් වෙඩි තියලා මරා දමනවා, කාන්තාවන්ට කිසි නිදහසක් නෑ, ඔලුව වහගෙන ගියෙ නැත්නම් මාස 6ක් හිරේ, විවාහයට පෙර සම්භන්ධයක් පැවැත්තුවොත් කස පහර දෙනවා, එක්කො මරණවා, දූෂණයකට ලක් වුණ කාන්තාවන්ව ගල් ගසා මරා දමනවා, කිසි විදියකින් 21 වෙනි සියවසට ගැලපෙන් නෑ ඒ ත්‍රස්ථවාදී ආණ්ඩුව. ලංකාවේ අපි ඊශ්‍රායලය සමඟයි. (උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති ක්ෂේත්‍රය සඳහා ඇමරිකාව ඔබාමා යුගයේ ඉරානයට ලබා දුන් වාර්ෂික බිලියන 9න් ඉතා සුළු කොටසක් වන අතර, එහි පිරිවැය ලෙස සඳහන් කල මුදලෙන් 25%කටත් අඩු මුදලක් පමණක් ලංකාවට ලබා දුන් අතර සෙසු 75% හිස්බුල්ලා සහ හූති සටන් කාමීන්ට අවි ලබා දීම සඳහා යොදා ගන්නා ලදී.)

    ReplyDelete
    Replies
    1. මේ නාකි මිනී මරුවා elewwoth ලෝකයාටම සාමය උදා වෙනවා.

      Delete
    2. ඔබ නිවැරැදියි ඉරාන අන්තවාදී පාළනයට ඒ රටේ මිනිස්සු විරුද්ධයි ඔය විරෝධ තා වලට අරගෙන යන්නේ ඒ රටේ අන්තවාදීන් පිරිස මිස එහි සාමාන්‍ය මිනිස්සු නොවෙයි.ලොක සාම ය වෙනුවෙන් අනිවාර්යෙන් I ඉරාන පාළනය ඉවත් කල යුතුමයි .මේ රටේ එක ප්‍රජා වක් අන්තවාදී ඉරාන් රජය වෙනුවෙන් සාමාජ මාධ්‍ය වල ලියනවා ඒ ඔවුන්ගෙ අන්තවාදී අදහස් සහ ලෝක jihad අරමුණු වෙනුවෙන් ලංකාව තුළ මෙහෙයුම කරන්න ඉරාන ආධාර ලබාගැනීමට වෙන්න පුළුවන් ඉඩ ඒවාගෙම ඉරාන ප්‍රේමය පිටුපස සජිත්ගෙ අන්තවාදීන් ඉන්නවා.

      Delete
  2. මේ නාකි මිනී මරුවා elewwanam ලෝකයට සාමය එනවා. මේ pakayata ඕනේ ලෝකෙම අල්ලා ගන්න

    ReplyDelete
  3. මෙතන තියෙන්නේ ඊශ්රයාල ඉරාන අවුලක්. ඇමෙරිකාවට බොලේ බස්සල උනුත් පටලුනාට. ලෝකේ කවුරුවත් පැටලෙන්න ඕන නෑ.

    ReplyDelete
  4. 76 වසරක සාපයෙන් රට බේරාගත් අනුර ජනපතිතුමනි ඉරානයෙන් ලෝකය බේරාගන්න නෙතන්යාහු රජිඳු සමග වහාම එක්වන්න. අපේ රතු හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාන්විත සඳහා ඉක්මනින් යොදවන්න.

    ReplyDelete
    Replies
    1. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 23, 2026 at 3:47 AM

      මගේ ආරූඪ නාමය භාවිතා කරලා බලු කථා ලියලා. මම මෙහෙම ඒවා කියන් නෑ. කොහොමත් මෙහෙ ඉන්න ඉරාන නාවික ත්‍රස්ථවාදීන් ව නම් ඇමරිකන් තානාපති කාර්යාලයට භාර දීම උචිතයි.

      Delete
    2. Nethanyahu කියන්නේ එදා Samson ගෙ නෑවත ඉපදි ම එහෙමත් නැතිනම් David ගෙ නෑවත ඉපදිම කියලා විශ්වාසයි. අපේ රටේ මිනිසුන්ට වටහා ගන්න බෑ Iran ආණ්ඩුව අන්තවාදී jihadist ආණ්ඩුවක් කියලා.Iran ආණ්ඩුවේ එකම බලපොරොත්තුව පරමානු ආයුධ හදල මුළු ලොකයේම jihad යුද්ධය ආරම්භ කරන්න.ලෝකෙම ඉස්ලාම් අන්තවාදී ත්‍රස්වාදීන්ට ඔවුන් ආධාර කරන්නේ ඒකයි.මේ රටේ හැංගිලා ඉන්න අන්තවාදීන් Iran වලට කඩේ යන්නේ ඒකයි

      Delete
    3. ඊශ්‍රායල් රාජ්‍යය නම් හරිම නිත්‍යානුකුලව වැඩකරන අහිංසක රජයකි.
      ගාසා තීරය සහ බටහිර ඉවුර සාක්කියි.

      Delete
  5. ලප අනුරයෝ ආන් උඹේ උදව් ඉල්ලනවා.

    ReplyDelete
  6. කොහෙවත් ඉන්න රටකට බෝම්බ ගහල ලේ පිපාසිත මිනීමරුවා දැන් මිනිස් බිලි ඉල්ලන්නෙ උගෙ මිජීමරු ආසාවට මිස ලෝකෙට ආදරේකට නොවේ. යුද්ධෙ පටන් ගත්තු පකයො දෙන්නටම කොරගනින් කියල ලෝකෙ මිනිස්සු පැත්තකට වෙලා හිටියොත් ලොකු දෙයක්.

    ReplyDelete
Previous Post Next Post