ඉන්ධන බදු අඩු කරන කතා විපක්‍ෂයේදි කිවුවට දැන් ඒක කරන්න බෑ..- අනිල් ජයන්ත


පසුගිය රජයන් සමයේ විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ “තෙල් මිල ඉහළ යන විට රජය සිය බදු මුදල් අඩු කරමින් ජනතාවට සහන සැලසිය යුතුය” යන යෝජනාව වර්තමානයේ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අද දෙරණ ‘360’ වැඩසටහනේදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබීය. 

නිවේදක කලිඳු කරුණාරත්න නැගූ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රකාශ අවස්ථාවාදී දේශපාලන ප්‍රකාශ නොවන බවයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන විට එම පීඩනය ජනතාවට පැවරීම වළක්වා ගැනීමට නම් රජය තමන් ලබාගන්නා බදු මුදල් ප්‍රමාණය අඩු කරමින් එය සමබර කළ යුතු බවට එදා යෝජනා වී තිබුණි. මෙම යෝජනාව වර්තමානයේදී ක්‍රියාත්මක නොකරන්නේ එය විපක්ෂයේ සිටියදී කළ අවස්ථාවාදී දේශපාලන ප්‍රකාශයක් නිසාද, නැතහොත් කළ හැකිව තිබියදීත් නොකරන්නේද යන්න පිළිබඳව නිවේදකයා මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

මීට පිළිතුරු දෙමින් අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ තමන් රජය භාර ගන්නා විට තෙල් සංස්ථාව සතුව දැවැන්ත ණය ප්‍රමාණයක් පැවති බවයි. 

මෙම ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරයට පැවරීමට සිදුවූ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ලංකා බැංකුවට රුපියල් බිලියන 99.9ක් සහ මහජන බැංකුවට රුපියල් බිලියන 32ක් වශයෙන් ගෙවීමට භාණ්ඩාගාරයට සිදුවී ඇති බව ඔහු අනාවරණය කළේය. 

වර්තමානයේ පවතින බදු මුදල්, මෙම ණය ප්‍රමාණයන් ආවරණය කර ගැනීම සඳහා පනවා ඇති නිෂ්පාදන බදු ස්වරූපයක් ගන්නා බැවින් ඒවා එකවර ඉවත් කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතාවයක් පවතින බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මිල ස්ථායීකරණ අරමුදල ලොව බොහෝ රටවල තෙල් මිල උච්චාවචනයන් පාලනය කිරීමට ‘මිල ස්ථායීකරණ අරමුදල්’ පවතින බවත්, ශ්‍රී ලංකාවේ ද මීට පෙර එවැනි අරමුදල් පිහිටුවා තිබුණද පසුගිය රජයන් ඒවා වෙනත් ණය ගෙවීම් සඳහා අවභාවිත කර ඇති බවත් ඔහු සඳහන් කළේය. ඉදිරියේදී එවැනි අරමුදලක් හරහා මිල පාලනය කිරීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසාන නිගමනය මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු සහ සිදුකළ ප්‍රකාශයන් කඩිනමින් ඉටු නොකරන්නේ මන්දැයි නිවේදකයා නැවත ප්‍රශ්න කළ අවස්ථාවේදී, අමාත්‍යවරයා අවධාරණය කළේ එම ප්‍රකාශයන් දෙස බැලිය යුත්තේ වර්තමානයේ පවතින සමස්ත ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින් බවයි. 

පවතින තත්ත්වය තුළ අසාමාන්‍ය බදු පනවා නොමැති නමුත්, පවතින ණය බර කළමනාකරණය කරගැනීමට සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහුගේ පිළිතුර විය.

9 Comments

  1. ඇයි කලිඳු මෙහෙම ජංගියෙ රෙවෙන්නම දෙන්නෙ? පව් නේ ඇවිදින පුස්ටොකාල

    ReplyDelete
    Replies
    1. Mun jangi andin na bn. Ewaye hil.

      Delete
  2. Hoʻooooooo , pakaya, dekata namila puka hapa ganinko ban

    ReplyDelete
  3. "කියනකොට එහෙමයි - කරනකොට මෙහෙමයි" 🤮🤮🤮 පාහර බල්ලා 🤮😡 මුන්ට ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
  4. තොපි වරෙල්ලා ඊලඟ වතාවේ....

    ReplyDelete
  5. අනේ යකෝ !

    ReplyDelete
  6. තොපි වගේ එවුන්ගෙ වදාපු අම්මා පව්

    ReplyDelete
  7. ehenam wipakshe innakora ewa kiwwwe ado mukyenda gal muusalayo

    ReplyDelete
Previous Post Next Post