අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් පාවිච්චි කරන්න.. අනවශ්‍ය ගමන් යන්න එපා..- Ceypetco සභාපති

 


පසුගිය දිනවල ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීම හේතුවෙන්, අඩු මිලට මෙරටට ගෙන්වා තිබූ ඉන්ධන තොග නියමිත කාලයට පෙර අවසන් වූ බවත්, ඒ හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය ඉක්මන් කිරීමට සිදු වූ බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S.D. රාජකරුණා මහතා පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ සාමාන්‍ය පරිභෝජන මට්ටම අභිබවා යමින් පසුගිය සතිය තුළ පමණක් ජනතාව ඩීසල් මෙට්‍රික් ටොන් 59,200 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500 ක් මිලදී ගෙන ඇති බවයි. මෙය සාමාන්‍යයෙන් නැව් එකහමාරක හෝ දෙකක පමණ ඉන්ධන ප්‍රමාණයක් වන අතර, මාසය මැද වන තෙක් භාවිත කිරීමට තිබූ එම ඉන්ධන තොග මෙලෙස ජනතාව අතට පත්වීම නිසා අඩු මිලට ගෙනා තොග අවසන් වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

"ජනතාව කලබල වී ඉන්ධන පෝලිම්වල රැඳී සිටිමින් මෙලෙස තොග රැස් නොකළේ නම්, මෙම මිල සංශෝධනය මෙම මාසය අවසානය දක්වා කල් ගැනීමට හැකියාව තිබුණා" යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක වෙළඳපොළේ පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඩොලර් 100 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය කිසිවෙකුට අනාවැකි කිව නොහැකි අසාමාන්‍ය තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.

දැනට මෙරටට ලැබෙන ඉන්ධන නැව් සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ ඒවා ගොඩබෑම සිදු කරන අවස්ථාවේ පවතින දින පහක ලෝක වෙළඳපොළ සාමාන්‍ය මිල පදනම් කරගෙන බැවින්, අලුතින් නිකුත් කරන ඉන්ධන වල පිරිවැය ඉහළ මට්ටමක පවතින බවද ඔහු අනාවරණය කළේය.

මෙරට පවතින ඉන්ධන ගබඩා පහසුකම් සීමිත බැවින් සහ විශාල වශයෙන් විදේශ විනිමය වැය වන බැවින්, පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වන තෙක් අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණක් ඉන්ධන වැය කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

11 Comments

  1. අත්‍යවශ්‍ය දෙකට විතරක් කියන්නේ කක්කුස්සියට ගිහින් පුක හෝදන්න වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ ගමන් ගිණිකුරක් ගහ ගත්ත නං ඒ කරදරෙත් ඉවරයි අපේ මේ රටට. බැරිද ඕක මැදමුලනේ ලොකු මාටින් ගාවට ගිහිං කර ගන්න?

      Delete
    2. Palawatte hundu kota kiwwanam hari. Madamulane martinta kiyanna kiyanne dobilata rate aanduwa kageda kiyalath amathaka wela

      Delete
  2. එතකොට අර අගමැතිතුමිය ප්ලේන් එකක්ම අරගෙන පිලිපීනේ ගියේ?

    ReplyDelete
  3. පිස්සුද යකෝ. අපි එහෙම නාස්ති කරනවද. අපි ඔක්කොම තෙල් පාවිච්චි කරලා කක්කුස්සි හෝදන එක, පාරේ බල්ලෝ රෙන එක නවත්තන්න පෙට්රෝල් හැමදාම පාර පුරා ඉසින එක, පෙට්රෝල් දාල කුණු කසල ගිනි තියන එක, වාහන වල නැගල හවසට තේ බිබී ඉර බහින හැටි රැට අහසේ මා වවුලෝ ඉගිලෙන හැටි බල බලා පාරවල්වල වාහනේ රස්තියාදු ගහන ඒවා ඔක්කොම. නැවැතවුවා

    ReplyDelete
  4. මම ඩෝබියෙක්. මොලේ තියෙන්න වාඩි වෙන පැත්තෙ. ඔයා ඕක කියපු එක හොදයි. ඊයෙ අපි ගේ හෝදන්නත් පාවිච්චි කලා. පුප හෝදන්නත් හිටපු ගමන් මම ගන්නව. ඒක නවත්තන්න වෙනව දැන්.

    ReplyDelete
  5. ඇත්තටම තෙල් ඉතිරි කරන්න ඕන නම්
    ජනතාවට “ගමන් යන්න එපා” කියන එකට වඩා
    අමාත්‍යවරුන් තමන්ගේ unnecessary convoy, luxury vehicles
    අඩු කරලා office එකට ඇවිත් බලන්න.

    ඒක කරන්න පුළුවන් නම්
    රටේ තෙල් ඉතිරිය ලොකු ප්‍රමාණයකින්ම වැඩි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රටට ඉතිරි වන්නේ
      ජනතාවට උපදෙස් දීමෙන් නෙවෙයි,
      නායකයන් example එකක් දුන්නොත් තමයි.

      Delete
    2. All the ministers should be given alto vehicles or scooters. Including the president and prime minister.

      Delete
  6. Ranwala aiya onna kiwwa,onna kaiyanayaka oyage wahanyak athaarinna

    ReplyDelete
Previous Post Next Post