වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල අතීතයේ පළ කරන ලද ඇතැම් සටහන් ඉවත් කරමින් සිටින බවට සමාජ මාධ්‍ය ජාල තුළ කතාබහක් සහ චෝදනාවක් මතුව තිබේ.
පසුගියදා රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම විවේචන වඩාත් තීව්ර වී ඇත.
ජනාධිපතිවරයා මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව තැබූ සටහන් මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර යළි සංසරණය වෙමින් පවතී.
"නාඩගම් එපා, ඉන්ධන මිල වහා අඩු කරනු!" යනුවෙන් එදා තැබූ සටහනක් උපුටා දක්වමින්, වත්මන් මිල පාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරති.
ජනාධිපතිවරයාගේ නිල ගිණුම්වලින් එවැනි පැරණි සටහන් මැකී ගොස් ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් වී නොමැත.

‘මට තෙල් ලිං නෑ......... ගෝටාට තිබ්බද?
ReplyDeleteකළ හොඳ පස්සෙන් එලවනවෝ...
ReplyDeleteඔබ අසල ජෙප්පෝ සිටී නම් ගෙම්බන් සේ පලවා හරින්න . බෙරෙන් නෑමට නියමිතයි
ReplyDeleteජනපති ගෙම්බනෙනි සියළුම මැති ඇමති හා ඔවුන්ගේ ආරක්ෂක වාහන සඳහා තෙල් නිකුත් කිරීම නැවතීමෙන් ජනතාව වෙනුවෙන් තෙල් ඉතුරු කරන්න
Deleteපෙර බොරු කීවේ, ජාතික ජන බලවේගය පක්ෂයක් වශයෙනි. පක්ෂ නායකයාට බොරු කියල ම කට බොරුවට හොඳට පදම් වී ඇත. බොරුවට ම කට මැදි සෙයකි.
ReplyDeleteදැන් බොරු කියන්නේ රාජ්‍යතාන්ත්‍රිකව ය. පක්ෂ ක්‍රියා කාරිහු ද ඒ පාලන බලයෙන් උදම් වී රාජ්‍යතාන්ත්‍රික බොරුවට විසිල් ගසති. ඉස්සර කීවේ "පක්ෂ බොරු" ය දැන් කියන්නේ "ආණ්ඩු බොරු" ය. වැඩ බරි ටාසන්ලාට බොරුවත් එකතු වුණා ම නියමයි නේ ද? බොරුවට ආයූෂ නැති බව මේ "වැඩ බැරි ටාසන් බොරු කාරයින්" දන්නේ නැත. ඔහොම යමු.
#කෙන් කරන කථා ඔහොම තමා.
ReplyDeleteතෙල් තිබ්බ කාලෙ ගන්න සල්ලි නැති කරපු මයිනො, මැටි මාටින් ල ජනාධිපති කරපු කාලකන්නි දැන් උපදෙස් දෙන්න එනවා. ඒත් රැස්වීමකට මිනිස්සු 1000 ක් හොයා ගන්න නෑ. අපරාදේ මේ වෙබ් සයිට් කරන්න යන වියදම.
ReplyDelete