lank E news කතෘ සදරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට ගනී...

 


වසර 16ක් පුරා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් සිටි සඳරුවන් සේනාධීර මහතා යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා වන මොහුට එරෙහිව මීට පෙර අධිකරණය හමුවේ චෝදනා ගොනු වී තිබිණි.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සැකකරුවන්ගේ ඡායාරූප, හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට පෙර ප්‍රසිද්ධ කිරීම මගින් අධිකරණයට අපහාස කළ බවට මොහුට චෝදනා එල්ල විය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් 2016 නොවැම්බර් 25 වන දින ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

එකල අධිකරණ අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතා ද විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පොලිස් සහය ඇතිව මෙම කර්තෘවරයා අත්අඩංගුවට ගන්නා බවට පාර්ලිමේන්තුවේදී මීට පෙර අනාවරණය කර තිබිණි.

2010 වකවානුවේදී ලංකා ඊ නිව්ස් ආයතනය ගිනි තැබීමට ලක්වීමත්, එහි මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමත් සමඟ ඇති වූ අනාරක්ෂිත වටපිටාව හේතුවෙන් සඳරුවන් සේනාධීර මහතා මෙරටින් බැහැරව බ්‍රිතාන්‍යය වෙත ගොස් තිබුණි. දීර්ඝ කාලයකට පසු ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.


9 Comments

  1. ජෙප්පන්ට කඩේ යන මේ අවස්ථාවාදියා මාස තුනක් වත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන්න ඕනැ.

    ReplyDelete
  2. LTTE ekata kade yana pakaya.

    ReplyDelete
  3. Koti diasporawa ewanne athi jara wadakata.

    ReplyDelete
  4. රට බේරගත්ත බුද්දි අංශ නායකයා සාලේ මැතිතුමා අපාදුක් විදිනවා. ජාතියක් වශයෙන් ලැජ්ජයි. මිනී මරු ජවිපාවුන් පාරේ ඇදන් යන්න ඕන.

    ReplyDelete
  5. ගඳරුවන් සේනාධීරයා කොටින්ගේ බත්බැලයෙක්.

    ReplyDelete
  6. මු ගොටාට විරුද්දව සාක්කි දෙන්න ඇවිත්

    ReplyDelete
    Replies
    1. මුගෙ මූනෙ තියෙන්නෙම කාලකන්නි මුස්පේන්තු පෙනුමක්.

      Delete
  7. රට පාලනය කරන්නේ කලු සුද්දන් බව මාළිමාවට තේරිලා නෑ.

    ReplyDelete
  8. ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර එංගලන්තයට පැමිණි අවස්ථාවේ අසනීප තත්ත්වයෙන් පසුවූ සේනාධීර මහතා මුණ ගැසීම සඳහා එංගලන්තයේ ඔහු විසු නිවසට පැමිණ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. එසේ පැමිණෙන්නේ නම් රතු පලස් මතින් ඔහු පිළිගන්නා බව සේනාධීර මහතාට අනුර දිසානායක 'සහෝදරයා' පවසා තිබුණි. එම ආරාධනාව පිළිගත් ඔහු ශ්‍රී ලංකාවට යාම සඳහා මහත් බලාපොරොත්තුවකින් පසුවූ ඔහු, ඔහුගේ අසනීප තත්ත්වයට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේ අදහසින් ඊයේ ශ්‍රීලංකාවට පැමිණියේය.

    ReplyDelete
Previous Post Next Post