පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කර ගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනු සඳහන් කළේය.
නියෝජ්‍ය
අමාත්‍යවරයා අවධාරණය කළේ ලෝක
වෙළඳ පොළේ ඇති වී තිබෙන
අවිනිශ්චිතතාවයන් හමුවේ රටක්
ලෙස ඉන්ධන පරිභෝජනය කළමනා
කරණය කරගැනීම අත්‍යවශ්‍ය වී
ඇති බවයි.
මැදපෙරදිග
කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය
හේතුවෙන් ලොව බොහෝ රටවල් සිය
ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට
පියවර ගෙන ඇති බවත්,
පකිස්ථානය
වැනි රටවල් දැනටමත් සතියකට
දින කිහිපයකට සේවා සීමා කර
ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා
දුන්නේය.
ලංකා
ඛනිජ තෙල් නීතිගතසමාගම සතුව
ඉදිරි මාස කිහිපයකට ප්‍රමාණවත්
ඉන්ධන සංචිත පවතින නමුත්,
එම සංචිත
අනවශ්‍ය හිඟයකින් තොරව දීර්ඝ
කාලයක් පවත්වා ගෙන යාම සඳහා
ක්රමානුකූල බෙදාහැරීමේ
ක්‍රම වේදයක අවශ්‍යතාවය ඔහු
අවධාරණය කළේය.
ඉන්ධන
පිරවුම්හල් අසල අනවශ්‍ය
තදබදයක් ඇති වීම වැළැක්වීම
සඳහා QR කේතය
හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන
සති අන්තයක සිට ක්‍රියාත්මක
කිරීමට තීරණය කර ඇත. එලෙස
සති අන්තයක් තෝරා ගත්තේ සතියේ
දිනවල ජනතාවට සිදුවන අපහසුතාවයන්
අවම කිරීමට බව අමාත්‍යවරයා
පැවසීය.
මීට
පෙර පද්ධතියේ පැවති ගැටලු වන
වාහන අයිතිය වෙනස් වීම සහ ජංගම
දුරකථන අංක පිළිබඳ ගැටලුවලට
පිළියම් යොදා ඇති අතර,
පද්ධතියෙන්
වාහන ඉවත් කිරීමේ (Deregister)
පහසුකම ද
දැන් වඩාත් විධිමත් කර ඇත.
වාහන අලෙවි
කර ඇති පුද්ගලයන්ට සිය ගිණුමෙන්
එම වාහන ඉවත් කරන ලෙස ඉල්ලීමක්
කළ ඔහු එවිට අලුතින් මිලදී
ගත් පුද්ගලයාට එය ලියාපදිංචි
කළ හැකි බවත් හෙතෙම සඳහන්
කළේය.
මෙම
වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම
සඳහා ඉන්ධන පිරවුම්හල් සේවකයන්
සහ හිමිකරුවන් පුහුණු කිරීමේ
කටයුතු අද (16) දිනය
ඇතුළත අවසන් කිරීමට නියමිතය. රාජ්‍ය සහ
පෞද්ගලික අංශයේ තාක්ෂණික
කණ්ඩායම් දිවා රාත්‍රී වෙහෙස
මහන්සි වී ඉතා කෙටි කලකින්
මෙම පද්ධතිය යාවත්කාලීන කර
ඇති බව පැවසූ අමාත්‍යවරයා,
ආරම්භක
අවස්ථාවේදී ඇති විය හැකි සුළු
තාක්ෂණික ගැටලු මඟ හරවා ගැනීමට
අවශ්‍ය සියලු පියවර ගෙන ඇති
බවද තහවුරු කළේය.
ඉන්ධන
හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක්
ඇති කරගනිමින් පෝලිම් නිර්මාණය
නොකරන ලෙසත්, රජය
විසින් හඳුන්වා දෙන මෙම විධිමත්
කළමනා කරණ ක්‍රියාවලියට උපරිම
සහයෝගය ලබා දෙන ලෙසත් නියෝජ්‍ය
අමාත්‍ය එරංග වීරරත්න මහතා
ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හෙට
උදෑසන වන විට සියලු තාක්ෂණික
බාධාවන් මඟහැරී ජනතාවට පහසුවෙන්
සේවාව ලබාගත හැකි වනු ඇතැයි
ද අමාත්‍යවරයා වැඩිදුරටත්
විශ්වාසය පළ කළේය.

තෙල් කොහෙවත් නෑහෑ, බයවෙන්න එපාලු.
ReplyDeleteමුගෙ ඇට දෙක විකුණල තමයි තෙල් ගේන්න වෙන්නෙ කැවුම් බදින්න
ReplyDeleteකැවුම් බදින්ඩ තෙල් ගේන්නේ මැදපෙරදිගෙන් නෙවේ යකෝ. කැවුම් බදින්නේ පොල්තෙල් වලින්.
Deleteඕදිරිස් භූමිතෙල් ලිප් තවමත් තියෙනවාද?
Deleteඒ හිරමණ අනේ, භූමිතෙල් ලිප් හැදුවේ සිංගර් එකේ, දැන් නෑ.
Delete