ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 (UL 1213) ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන තොරතුරු පදනම් විරහිත සහ අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
අදාළ විශේෂ මාධ්‍ය නිවේදනය මගින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අද දින (මාර්තු 09) රෝමය බලා පිටත් වූ මෙම ගුවන් ගමන සැලසුම් කළේ මැදපෙරදිග හරහා ගමන් කිරීමට සිටි මගීන්ගේ පහසුව සහ යුරෝපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම මත බවයි.
මෙය රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා කළ සැලැස්මක් නොවන බවත්, අදාළ අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති බවත් නිවේදනයේ .
ද්වේෂසහගත ලෙස මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම මගින් සිවිල් ගුවන් සේවා අධිකාරියට සහ රජයට සිදුවන අපකීර්තිය එම අධිකාරිය දැඩි ලෙස හෙළා දකී.
මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ජාතික ආර්ථිකයට සහ සංචාරක ව්‍යාපාරයට සවියක් වන ගුවන් කර්මාන්තයට අනවශ්‍ය බාධා එල්ල විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි

ahuweth ada thamai
ReplyDeleteඇමතියෙක්ගේ දරුවෙක් ගේන්න
ReplyDeleteමොකාද ඔය කියන ඇමතියා?
Deleteආ මේ අර කන්ටේනර් බිමල් නෙ.
Deleteදැන් කාටහරි කරන්ඩ තියෙන්නෙ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ගුවන්යානයේ ගමන්කල මගීන්ගේ විස්තරයි, ආපහු එනගමනේදී රැගෙන ආ මගීන්ගේ
ReplyDeleteවිස්තරයි ඉල්ලන එක, එතකොට බොරු කියන්ඩ බැරිවෙයි.