ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 120ක කෝබෝල්ට් නිධියට ඉන්දියාව අත දමයි.. ලක් රජය නිහඬයි...

 


ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ ඩොලර් බිලියන 120කට වඩා අධික වටිනාකමකින් යුත් සාගර සම්පත් අයිතිය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ. හම්බන්තොට වෙරළ තීරයේ සිට දකුණු දෙසින් පිහිටි මොහොද සීමාවට අයත් 'ඇෆනාසේ නිකිටින්' (Afanasy Nikitin) නම් මුහුදු පතුලේ පිහිටි කන්ද ආශ්‍රිතව පවතින අති විශාල සම්පත් අයිතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මේ හේතුවෙන් මතුව ඇත.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව, කිසිවෙකුටත් හිමිකම් නොමැති කලාපයක සාගර සම්පත් අයිතිය විද්‍යාත්මක පදනමක් මත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් 2009 මැයි 08 වන දින නිව්යෝර්ක් නුවරදී විශේෂ කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී.

එමගින් නාවික සැතපුම් 800ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර කලාපයේ සම්පත් අයිතිය ශ්‍රී ලංකාව ඉල්ලා තිබුණි.

මෙම ප්‍රදේශයේ සාගර පත්ලේ මීටර් 3000ක් පමණ ගැඹුරින් පිහිටි ඇෆනාසේ නිකිටින් කන්ද මත කෝබෝල්ට් නැමති වටිනා රසායනික මූලද්‍රව්‍යය අඩංගු බව සොයාගෙන ඇත.

නවීන ලෝකයේ බැටරි නිෂ්පාදනයට, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන මෙහි වටිනාකම ඩොලර් බිලියන 120ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. උසස් තාක්ෂණය භාවිත කළහොත් මෙහි වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් දක්වා ඉහළ යා හැකි බවද පැවසේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් 2018 වසරේදී පත් කළ විශේෂ කමිටුව වසර හයක් තිස්සේ විමර්ශනය කළ අතර, 2022 වසර අවසානයේදී ඒ සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලැබීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, 2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටි සමයේ ඩොලර් බිලියන 4ක ණයක් ලබා දෙමින් සහය වූ ඉන්දියාව, එම වසරේම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම සාගර අයිතියට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය විරෝධය ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවට අතිමහත් ආර්ථික වාසි සැලසිය හැකි මෙම සම්පත සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්වා තිබියදීත්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ඛනිජ සහ සම්පත් අමාත්‍යාංශය හෝ මුදල් අමාත්‍යාංශය මේ දක්වා කිසිදු සැලකිය යුතු මැදිහත්වීමක් හෝ උනන්දුවක් දක්වා නොමැති බවට විවේචන එල්ල වෙමින් පවතී.

7 Comments

  1. මෙ කාලකන්නි අන්ඩුව රට විකුණා දනවා අනුර පෙන්දෙක් ලොන්තයො 159 උන්ට වගෙ වගක් වහාම මෙ ලොන්ත ආන්ඩුව ඉල්ලා අස්වෙන්න ඔගොල්ලන්ට මෙ රට කරන්න බැහැ කරුනාකර පව්නොදි යන්න

    ReplyDelete
  2. ඕවා තමයි ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගගහා මුං කරන්නේ

    රටේ සම්පත් පිටරැටියන්ට පාවා දෙන එක තමයි මුං කරන්න දන්නේ

    ඩෝබිලා මෙතන ඉන්නවා නම් අපිට කියලා දෙන්න, මේ ගැන මාලිමා ආණ්ඩුව අර ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා

    අපේ මුලු විදේශ ණය ඩොලර් බිලියන 50 ක විතර ප්‍රමාණයක් තියෙන්නේ - දැන් ඔය නිධිය අපිට අයිති කර ගන්න පුළුවන් නම් - ඕකෙ වටිනාකම හොඳටම ඇති - නිස්සාරණයට අරවට මේවට යන වියදම් ඇරලත් - අපේ ණය ටික ගෙවා ගන්න

    දැන් අපි 2009 මැයි වල අපිට අයිතිය ඉල්ලලා, 2022 අවසානය වෙද්දි අපිට ලැබෙන්න තිබුනු, ඩොලර් බිලියන 120 ක කොබෝල්ට් නිධියේ අපේ අයිතිය තහවුරු කර ගෙන, අපි අපේ විදේශ ණය ගෙවනවද, නැතිනම් මේවා ඉන්දීයාවට සින්න වෙන්න ඉඩ ඇරලා, අපි සොච්චමක් විතරක් (ඒ සොච්චමෙනුත් වැඩි පංගුව යන්නේ පැලවත්තට ) අර ගන්නවද කියන එකයි අපි කල්පනා කරලා බලන්න ඕනේ

    ReplyDelete
  3. ඩොලර් බිලියන 4ක ණයක් ලබා දෙමින් සහය වූ ඉන්දියාව, එම වසරේම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම සාගර අයිතියට එරෙහිව


    Indiyawe double game

    ReplyDelete
  4. රනිල් ඕකට කෙල හල හල හිටියේ. මිනිහා ඉන්නකොටම හැම දේම විකුණුවා. අන්තිමේදී තැපැල් කන්තෝරු පවා විකුනන්න ගියා. ගෙදර සල්ලි නැත්නම් තියෙන බඩුවක් හරි විකුනලා ජීවත්වෙන්න වෙනවා කියලා මිනිහා මධ්‍යටත් කිව්වා. මිනිහා හිටියානම් පාරේ ලයිට් කණු පවා ගලවලා මාලදිවයිනට හරි විකුනනවා

    ReplyDelete
    Replies
    1. ඩෝබියෙක් දවසෙ ගතමනාව හොයා ගන්න කෙඳිරි ගායි. තැපැල් ප්‍රශ්නේ උඹලා විසඳුවා ද? ලාල් කාන්තට දුන්නා වගේ කෝටි ගනන් තෑගි (පගාව, කප්පම්) අනිත් ජෙප්පො සෙට් එකට ලැබිලා නෑ කියා ඔබලා හිතනවාද?

      Delete
  5. මේ රස්තියාදුකාරයා මුළු රටම ඉන්දියාවට විකුණනවා, ඒකයි එයාලා 1990 ඉඳන් ජෙප්පෝ වලට ආයෝජනය කළේ. දැන් මෝඩි අස්වැන්න නෙළනවා.

    ReplyDelete
  6. ජෙප්පොන්ට ඔය ප්‍රස්නෙට අත දාන්න බෑ බාසා ප්‍රස්නේ නිසා. උන් සේරම බසා වෙල්ලො.

    ReplyDelete
Previous Post Next Post