එළඹෙන 08 වැනි බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි මෘදුකාංග සේවාවන් මත 18%ක එකතු කළ අගය මත බද්ද (VAT) පැනවීමට රජය ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්ව තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙම පියවර හරහා වත්මන් පාලනය මෙරට තරුණ ප්‍රජාව දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.
පසුගිය මැතිවරණ සමයේදී මෘදුකාංග ක්ෂේත්රය සඳහා බදු සහනයක් ලබා දෙන බවටත්, වැට් බද්ද ශුන්‍ය කරන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද, වත්මන් ක්‍රියාවලිය එම පොරොන්දුවලට හාත්පසින්ම විරුද්ධ යයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මාලිමා රජය බලයට පත්වීමට පෙර ලබා දුන් ප්‍රතිඥා උල්ලංඝනය කරමින් මෙලෙස බදු පැනවීම තරුණ පරපුරට කරන ලද අසාධාරණයක් ලෙස හර්ෂ ද සිල්වා මහතා හඳුන්වා දෙයි.
මෙම බදු බර හේතුවෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වන මෘදුකාංග සහ තාක්ෂණික ක්ෂේත්රයේ ඉදිරි ගමන අඩාල වන බවත්, එය සමස්ත කර්මාන්තයේම පසුබෑමට හේතු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තීරණය මගින් රජය සිය මැතිවරණ ප්රකාශනය හරහා ජනතාව හමුවේ තැබූ විශ්වාසය බිඳ දමා ඇති බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

Kalakanni Jeppo..rata kanawaa..
ReplyDeleteමිනිස්සු තාමත් රැවටෙනවනම් රැවැට්ටුවහම මොකද?
ReplyDeleteසක්කිලි බදුකොටා අපිව මරාගෙන කාපන් හුත්තෝ
ReplyDeleteසොෆ්ට්වෙයාර් වල මිල ගණන් හදල තියෙන්නේ යුරෝපා රටවල් වල මිනිස්සුන්ට ගැලපෙන විදියට.
ReplyDeleteඅපේ රටේ මිනිස්සු ඒ ගණන් දරන්නෙ හරි අමාරුවෙන්. ඒකට බද්ධකුත් ගැහුවම ඒව ගන්නෙ කොහොමද? මුන් මොන ජාතියේ අමන හැත්තක්ද?
තොපිට සල්ලි උතුරනව කිව්ව නේද භාන්ඩාගාරේ? තවත් බදු ගහන්නෙ මොන මඟුලකටද?
මේකෙන් වෙන්නෙ මිනිස්සු හොර සොෆ්ට්වෙයාර් වලට යන එක. එතකොට ඒවත් එක්ක වයිරස්, මැල්වෙයාර්, ට්‍රෝජන් වගේ ඒව ඇවිත් මිනිස්සුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වංචා වගේ ඒවා අහස උසට වැඩි වේවි.
Delete