චීවරධාරින් 22ක් ගුවන් තොටුපලේදී රුපියල් බිලියනයකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට...


රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙන්ම, මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු විශේෂ තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී මෙම වැටලීම සිදු කෙරිණි.

සැකකරුවන් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ පාසල් උපකරණ සහ රසකැවිලි අතර ව්‍යාජ පතුල් සකසා සඟවා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

එක් චීවරධාරියෙකු සන්තකයේ තිබූ ගමන් මලු තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව සඳහන් වේ.

අනුග්‍රහකයෙකුගේ මූල්‍ය දායකත්වයෙන් මෙම පිරිස පසුගිය 22 වැනිදා තායිලන්තය බලා ගොස් තිබේ.

තායිලන්තයේ රැඳී සිටි කාලය තුළ මොවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී හමු වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බව හඳුනාගෙන තිබේ.

සැකකාර චීවරධාරීන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

12 Comments

  1. Me wesige puthala hisa bu gala thara ganna one

    ReplyDelete
    Replies
    1. රාජපක්ශ නිඛායේ තට්ටයෝ නැත්නම් ලපකොට නිඛායේ තට්ටයෝ

      Delete
    2. ඔය තියෙන්නේ නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

      Delete
  2. රාජපක්ශ නිඛායේ තට්ටයෝ නැත්නම් ලපකොට නිඛායේ තට්ටයෝ

    ReplyDelete
  3. Lapya beragaini.
    Mokada Uge businessne mun Kare system change....

    ReplyDelete
  4. Looks like system is changed now

    ReplyDelete
  5. අනේ චාදුලට එහෙම කියංඩෙපා. ඉස්මනට නිරුවානෙට වඩිංට පොඩි මාත්තරාව ගානෙ රටටම බෙදංඩයි එහෙම ගෙනාවෙ

    ReplyDelete
  6. අනුග්‍රාහකත්වය දුන්න එකා හොයා ගත්තනම් ගේම් එක අල්ලා ගන්න පුළුවන්.හිතෙන්නෙ නැද්ද මේවා ප්ලෑන් කරලා කරන ඒවා කියලා.නිරාගමිකයන්ට ඕන දේ කරගන්නට නොයෙක් යටි කූට්ටු වැඩ තියෙනවා.

    ReplyDelete
  7. ඔය තියෙන්නේ නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

    ReplyDelete
  8. පන්සල අද අන්ත දුෂිත තිප්පොළක් බවට පත් වෙලා... දුප්පත් පවුල් වල කොල්ලෝ සල්ලි දීලා මහන කරගෙන ලොකු තැනගේ රාග ගින්න නිවා ගන්න ව... මාතර පැත්තෙ පන්සලක සාමනේර නමක් රෝහල් පොලිසියට දීපු කට උත්තරේ පත්තරේ දාලා තිබුන ගරු නායක පණ්ඩිත හාමුදුරුවෝ සහ ගරු අනු නායක හාමුදුරුවෝ සාමනේර නමට පුක්ෂණය දිනපතා කරපු හැටි... ඒ සාමනේර නමගේ අදෝ මාර්ගය පන්සලේ ගරු ලොකු ස්වාමින් වහන්සේලා විසින් විනාශ කරල තිබුනෙ ඉතා අමානුෂික විදියට..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ JVP නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

      Delete
  9. Sallid deela baud gahala, siruata muwa wela ouwa genda munta dunna contract eka. okunta uparidma daduwan denna ona ...

    ReplyDelete
Previous Post Next Post