චීවරධාරින් 22ක් ගුවන් තොටුපලේදී රුපියල් බිලියනයකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට...


රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙන්ම, මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු විශේෂ තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී මෙම වැටලීම සිදු කෙරිණි.

සැකකරුවන් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ පාසල් උපකරණ සහ රසකැවිලි අතර ව්‍යාජ පතුල් සකසා සඟවා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

එක් චීවරධාරියෙකු සන්තකයේ තිබූ ගමන් මලු තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව සඳහන් වේ.

අනුග්‍රහකයෙකුගේ මූල්‍ය දායකත්වයෙන් මෙම පිරිස පසුගිය 22 වැනිදා තායිලන්තය බලා ගොස් තිබේ.

තායිලන්තයේ රැඳී සිටි කාලය තුළ මොවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී හමු වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බව හඳුනාගෙන තිබේ.

සැකකාර චීවරධාරීන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

13 Comments

  1. Me wesige puthala hisa bu gala thara ganna one

    ReplyDelete
    Replies
    1. රාජපක්ශ නිඛායේ තට්ටයෝ නැත්නම් ලපකොට නිඛායේ තට්ටයෝ

      Delete
    2. ඔය තියෙන්නේ නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

      Delete
  2. රාජපක්ශ නිඛායේ තට්ටයෝ නැත්නම් ලපකොට නිඛායේ තට්ටයෝ

    ReplyDelete
  3. Lapya beragaini.
    Mokada Uge businessne mun Kare system change....

    ReplyDelete
  4. Looks like system is changed now

    ReplyDelete
  5. අනේ චාදුලට එහෙම කියංඩෙපා. ඉස්මනට නිරුවානෙට වඩිංට පොඩි මාත්තරාව ගානෙ රටටම බෙදංඩයි එහෙම ගෙනාවෙ

    ReplyDelete
  6. අනුග්‍රාහකත්වය දුන්න එකා හොයා ගත්තනම් ගේම් එක අල්ලා ගන්න පුළුවන්.හිතෙන්නෙ නැද්ද මේවා ප්ලෑන් කරලා කරන ඒවා කියලා.නිරාගමිකයන්ට ඕන දේ කරගන්නට නොයෙක් යටි කූට්ටු වැඩ තියෙනවා.

    ReplyDelete
  7. ඔය තියෙන්නේ නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

    ReplyDelete
  8. පන්සල අද අන්ත දුෂිත තිප්පොළක් බවට පත් වෙලා... දුප්පත් පවුල් වල කොල්ලෝ සල්ලි දීලා මහන කරගෙන ලොකු තැනගේ රාග ගින්න නිවා ගන්න ව... මාතර පැත්තෙ පන්සලක සාමනේර නමක් රෝහල් පොලිසියට දීපු කට උත්තරේ පත්තරේ දාලා තිබුන ගරු නායක පණ්ඩිත හාමුදුරුවෝ සහ ගරු අනු නායක හාමුදුරුවෝ සාමනේර නමට පුක්ෂණය දිනපතා කරපු හැටි... ඒ සාමනේර නමගේ අදෝ මාර්ගය පන්සලේ ගරු ලොකු ස්වාමින් වහන්සේලා විසින් විනාශ කරල තිබුනෙ ඉතා අමානුෂික විදියට..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ JVP නිරාගමික රාජ්‍යක් බ්හිකරලා

      Delete
  9. Sallid deela baud gahala, siruata muwa wela ouwa genda munta dunna contract eka. okunta uparidma daduwan denna ona ...

    ReplyDelete
  10. ආරියතිලක

    1. මේ භික්ෂූන් වහන්සේලා තායිලන්තයට යන විට, රැගෙන ගිය ගමන් බෑගයන්වල ම ද මේ මත්ද්‍රව්‍ය තිබී ඇත්තේ?

    2. මේ භික්ෂූන් වහන්සේලා තායිලන්තයට යන විට, රැගෙන ගිය ගමන් බෑගයන්වල නොවේ නම්, මේ මත් ද්‍රව්‍ය තිබුන ගමන් බෑගයන් තායිලන්තයේදී ලැබුණු ගමන් බෑගයන් ද?
    එසේ ලැබුණේ කාගෙන් ද?
    කවදා ද?
    කොහේදි ද?
    ලැබුණු ආකාරය කෙසේ ද?
    කවදා කුමන වේලාවේදී ද?
    එසේ ලබා දුන්නේ කුමක් අරභයා ද?

    3. මේ භික්ෂූන් වහන්සේලා විසින් රැගෙන ආ ගමන් බෑගයන්වල මත්ද්‍රව්‍ය අසුරා ඇති බව ඒ ඒ භික්ෂූන් වහහන්සේලා ස්වකීය වශයෙන් දැන සිටියා ද? සාමූහිකව හෝ වෙන් වෙන් වශයෙන් හෝ දැන සිටියා ද? ඒ ඒ දැන සිටීම කුමන මොහොතේ පටන් ද? ඇසුරු කරන වේලාවේ සිට ද? ඇසුරුම් කළ පසු බෑග් භාර ගන්නා වේලාවේ දී ද?

    4. කුමන ආකාරයකින් හෝ තම ගමන් බෑගයේ මත්ද්‍රවය ඇසුරු කොට ඇති බව, මේ භික්ෂූන් වහන්සේලා ස්වකීය තනි තනිව හෝ සියලු දෙනා සාමූහික වශයෙන් හෝ කීප දෙනෙකු කණ්ඩායමක් වශයෙන් හෝ දැන සිටියා ද?

    ඉහත ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත පමණය මේ භික්ෂූන් වහන්සේලා වරදක් කළේ ද? නැද්ද? යන්න තීරණය කළ හැක්කේ; එසේ නොමැතිව 100% ක් ම වැරදි කරුවන් ලෙස පූර්ව නිගමනයන්ට එළඹීම සුදුසු නොවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවතින්නේ බලවත්, කූඨ ජාවාරම්කරුවන් අත බැවිනි. සචේතනිකව මෙම මත්ද්‍රව්‍ය සමඟ සම්බන්ධය තහවුරු වීමෙන් පමණක් ම මේ භික්ෂූන් අපරාධකරුවන් බවට පත් වීම නියත ය.

    මේ කරු පාදක කොට ගෙන භික්ෂූන් වහන්සේලා හෝ සම්බුද්ධ ශාසනයට හෝ ගැරහීම යුක්ති යුත්ත නො වේ.
    සම්බුද්ධ ශාසනය ගැන හෝ භික්ෂූ සංඝයා වහන්සේලා ගැන කළකිරීම ද යුක්ති යුත්‍ත නො වේ.

    ReplyDelete
Previous Post Next Post