මැයි 31 රජයේ නිවාඩු දිනයක් යයි ගැසට් නිවේදනයක්.. මැයි 31 කොහොමත් ඉරිදා..


 2026 වසරේ වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, මින් පෙර ලබා දී තිබූ රජයේ නිවාඩු දිනයක් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව 2026 මැයි මස 27 වැනි දින සිට ජුනි මස 02 වැනි දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මින් පෙර 2026 මැයි 02 වන දිනට ලබා දී තිබූ රජයේ නිවාඩුව අවලංගු කර, එය 2026 මැයි 31 වන දිනට ලබා දීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම සංශෝධිත දිනය වන මැයි 31 වන දින ඉරිදා දිනයක් බැවින් එදින සාමාන්‍ය පරිදි රජයේ නිවාඩු දිනයක් ලෙස සැලකේ.




3 Comments

  1. මුන් අයිස් ගහල දැන් ඉන්නේ... කුපාඩි වසලයින්ගේ ආණ්ඩුව. මුන්ට දැන් අමු කැවිලා ඔල්මාදේ ... මළ පෙරේතයෝ සෙට් එක

    ReplyDelete
  2. හැමෝම හරි වෙසක් දිනේ සමරන්න. මාලිගාවේ ස්වාමින්වහන්සේ ලා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.

    ReplyDelete
  3. Tin Tin ge weera kriya nemei dan tiyenne... AKD ge GON kriya 😂

    ReplyDelete
Previous Post Next Post