පොරොන්දු බොරතෙල් නැවු හයෙන් හතරක් අඩමානයි.. ඩීසල් ඩොලර් 88ක, ප්‍රෙට‍්‍රල් ඩොලර් 46ක ඉන්ධන ප‍්‍රිමියම් උපරිම ගෙවමින්..


වර්තමාන රජය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ඉන්ධන ප‍්‍රීමියම් ගාස්තු අය කරමින් ජනතාව මත දැවැන්ත බරක් පටවමින් සිටින බවත්, මෙහි පිටුපස විශාල වංචාවක් පවතින බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක මහතා අවධාරණය කරයි. 

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 මීට පෙර ඩීසල් ලීටරයක් සඳහා පැවති ප‍්‍රීමියම් ගාස්තුව ඩොලර් 7.95ක් වුවද, වත්මන් රජය යටතේ එය ඩොලර් 88.98ක් දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව රණවක මහතා පෙන්වා දෙයි. එසේම පෙට්‍රල් සඳහා වන ප‍්‍රීමියම් ගාස්තුව රුපියල් 46.31ක් දක්වා ඉහළ නංවා ඇති බවත්, ඉතිහාසයේ කිසිදු දිනක මෙවැනි ඉහළ ප‍්‍රීමියම් ගාස්තුවක් අය කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ප‍්‍රීමියම් ගාස්තු ඉහළ දැමීම හරහා සිදුවන මූල්‍ය බලපෑම පිළිබඳව පැහැදිලි කළ හිටපු අමාත්‍යවරයා, ඉන්ධන ලීටරයකින් රුපියලක් හෝ යම් පාර්ශවයක් අතට පත් වුවහොත් එය රුපියල් බිලියන හයකට අධික වංචාවක් වන බව ප‍්‍රකාශ කළේය.

මෙම දැවැන්ත බර අවසානයේ දරා ගැනීමට සිදුව ඇත්තේ මෙරට ලක්ෂ 80ක් වන වාහන හිමියන්ට සහ විදුලි පාරිභෝගිකයන්ට බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පවසන වංචාවන් හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවත්, රජය මේ වන විටත් නියඟය පඩංගුවක් කර ගනිමින් ජනතාව ඒ සඳහා සූදානම් කරමින් සිටින බවත් රණවක මහතා චෝදනා කරයි.

පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 6,943ක ලාභය ජනතාවට සහන දීමට යොදා නොගෙන, නැවතත් විදුලි ගාස්තු වැඩි කිරීමට රජය පසුබිම සකසමින් සිටින බව ඔහු සඳහන් කළේය.

ඉදිරි ජූනි මාසයට පෙර පැමිණිය යුතු බොරතෙල් නැව් හයෙන් හතරක්ම මෙරටට නොපැමිණෙන බවට වාර්තා වී ඇති බවත්, මේ හේතුවෙන් දැවි තෙල් වෙනුවට ඩීසල් භාවිත කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි. 

රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමට ඇති අවසන් දිනය අප්‍රේල් 12 වනදා වුවද, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති වීම නිසා රුසියානු තෙල් මෙරටට නොලැබෙනු ඇති බවද ඔහු අනාවැකි පළ කළේය.

ජනතාව මත බර පටවනවා වෙනුවට ඕස්ට්‍රේලියාව වැනි රටවල් අනුගමනය කරමින් පොදු ප‍්‍රවාහනය වැනි සේවාවන් ශක්තිමත් කිරීමට රජය පියවර නොගැනීම කණගාටුදායක බව පාටලි චම්පික රණවක මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 1, 2026 at 3:44 PM

    අඩමානෙට හරි එයි. ආණ්ඩුව එන්.පී.පී. නිසා බය වෙන්ඩ දෙයක් නෑ, උගත් බුද්ධිමත් රාජ්‍ය නායකයින් ඉන්න රටක ජනතාව ට ප්‍රශ්ණ ඇති වෙන්නේ නෑ. මේ ප්‍රශ්ණේ මෙච්චර සිරාවට නිරාකරණය කරමින් තියෙන ආණ්ඩුවකට, රාජපක්ස ගේ ඉතුරු වෙලා ඉන්න වහල්ලු දෙන්නා තුන් දෙනා කන්ඩ බොන්ඩ නැතුව තෙල් ගෑස් පෝලිම් වල දවස් ගණන් නොකා නොබී වේලි වේලී හිටිය විදිය අමතක වෙලා ආඬපාලි කියන්ඩ එනවා. දැන් එයි මේකටත් රෙද්ද උස්සගෙන ලැජ්ජ නැතුව මෝඩ වහල්ලු.

    ReplyDelete
    Replies
    1. අම්මෝ …..ලාල් ඇමති තුමාගේ නිර් ප්‍රබු ගෙට ගෙවිදීමට ගියෙ නැද්ද?😂😂😂 වසන්තය උදා වෙනවා සත්තයි කියල ටින් ටින් අංකල් මැරෙන්න හදද්දි අපි හිතුවෙ රටට කියල… 😂😂😂😂

      Delete
    2. හිච්චි පචරෙනයට හරි වාසියි

      Delete
    3. oyanam supiriyata hodanawa ane me anduwa..harima sathutuioyala wage aya iddi aniiwaren punarude udawenawa rate minssunta neme me anduwe unta.lal amathi thuma wage loku gewal hadanna labenawa..thawa mathi amathilata..

      Delete
    4. V8 හඳුන්නෙත්තිApril 1, 2026 at 7:41 PM

      තෙල් නැව් ආවෙ නැත්නම් මට වෙන්නෙ මාරවැඩේ. මගේ පුක තියාගන්ඩ ගත්ත අලුත්ම අලුත් V8 වාහනේ ගෙදර තියාගන බල බලා ඉන්ඩයි වෙන්නෙ.

      Delete
    5. නලින් හේවගේApril 1, 2026 at 8:26 PM

      ජනතාව පීඩා කරද්දීත් පාලකයාගේ ගුණ වයයිනම් අන්න ඌ තමයි පුතා වහලා. - නලින් හේවගේ 2024.01.07

      Delete
Previous Post Next Post