රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (09) පෙරවරු 8:00 සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (08) දිනයේදී නවක වෛද්‍යවරුන් 436 දෙනෙකු වෙනුවෙන් පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දී ඇති අතර, එම පත්වීම් ලබා දීමේ ක්‍රමවේදයට විරෝධය දැක්වීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, අදාළ පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ ආකාරය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පදනම් කරගනිමින් මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය සිදු කරන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
