මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය සහ මෙහෙයුම් කටයුතු සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපළ දැනට වසරකට රුපියල් බිලියන 3 ක පමණ පාඩුවක් ලබමින් පවතින බව වාර්තා වේ. 2025 වසරේදී මගීන් 150,000 ක උපරිමයකට ළඟා වුවද, එය ගුවන්තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව වන මිලියනයක ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු මට්ටමකි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මගී මෙහෙයුම්වලට පමණක් සීමා නොවී ගුවන්තොටුපළ සතු හෙක්ටයාර 600 ක භූමි ප්‍රමාණය වාණිජ අරමුණු වෙනුවෙන් උපරිම ලෙස භාවිත කිරීම රජයේ අරමුණයි.
භාණ්ඩ ගබඩා කිරීම සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, ගුවන්යානා නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම අමතර කොටස් නිෂ්පාදනය, භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ගබඩා කිරීම සඳහා කාර්මික උද්‍යාන පිහිටුවීම, සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ඉදිකිරීම මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම නව සැලසුම යටතේ ආයෝජකයන්ට විවෘත කර ඇත.
මීට පෙර පැවති රජය විසින් මගී මෙහෙයුම් සඳහා පමණක් සීමා කරමින් ආරම්භ කර තිබූ ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, පුළුල් වාණිජ පරාසයක් ආවරණය වන පරිදි මෙම නව අභිලාෂ පත්‍ර කැඳවීම සිදු කර තිබේ.

පුද්ගලිකකරනය මොකටද කියල අහපු එවුන් මහින්ද මහත්තයා හදපුදේවල් කුනු කොල්ලෙට විකුනනවා. මේවාට ජනතාව එරෙහි විය යුතුයි
ReplyDeleteමේවාට රැවටෙනවාද? මුංගේ බොරුවලට.මේ ඉතින් ඉංදියාවට දෙන්න නේ බොරුවට පේන්න ලන්සු කැඳවනවා කීවේ.ළඟදි උන්ගේ උපඡනාධිපතිලා බලකරලා මේ කොන්දක් නැති බලු ගැත්තයන්ට අණකරලා ගිය දේ වෙන්නේ. මේ තවත් බොරුවක් මවනවා.මේ පර- රට කනවා.
DeleteHoren indiyawata denna selasuma.
ReplyDelete