පවුලක් පිටින් ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලේ...

 


එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසිය පැවසීය.

මෙම අනතර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදීය.

මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් ගත් ත්‍රීරෝද රථය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බවත්, ඇයට ත්‍රීරෝද රථය ධාවනය කිරිම සදහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

මීගමුවේ සිට හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවත්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වාහනයකට වංගුවක් සහිත ස්ථානයකදී ඉඩ ලබා දීමට යෑමෙදි ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලි ඇත.

අනතුරින් දියීණයන් දෙදෙනා සහ මව තුවාල ලබා ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post