මීට පෙර කිසිදාක බාල ගල් අගුරු රටට ගෙනැවිත් නෑ..- කිරිඇල්ල


තමා පාර්ලිමේන්තුව නියෝජනය කළ දීර්ඝ කාලය තුළ බාල ගල් අඟුරු මෙරටට ගෙන්වූ බවට මෙයට පෙර කිසිදු අවස්ථාවක චෝදනා එල්ල නොවූ බවත්
, එවැනි චෝදනා තිබුණේ නම් ඒවා පෙන්වන ලෙසත් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට අභියෝග කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ බාල ගල් අඟුරු සම්බන්ධයෙන් එල්ල වන මෙම චෝදනාව ඉතිහාසයේ ප්‍රථම වතාවට එල්ල වූවක් බවයි.

තමා වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ කටයුතු කළ අයෙකු ලෙස, මීට පෙර මෙවැනි බාල ගල් අඟුරු ගෙන්වීමේ චෝදනා තිබුණේ දැයි පෙන්වන ලෙස ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

"මම ඒ අයට අභියෝග කරනවා පෙන්නන්න කලින් බාල ගල් අඟුරු ගෙනාවා කියලා චෝදනාවක් තිබ්බද කියලා," යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කිරිඇල්ල මහතා කියා සිටියේ, රජය මේ වන විට දණ ගසා සිටින බවත්, ජනාධිපතිවරයා පත් කිරීම හරහා ඔවුන් උත්සාහ කරන්නේ හුස්ම ගැනීමට ඉඩක් ලබා ගැනීමට පමණක් බවත්ය.

රජයේ මෙම පිළිවෙත ශරීරයේ ස්ථාන කිහිපයක ඇති වේදනාවකට පැනඩෝල් පෙත්තක් ලබා දී තාවකාලික සහනයක් ලබා ගැනීමට උත්සාහ කිරීමක් වැනි යැයි ද රජය පවතින්නේ විශ්වාසය පිළිබඳ දැඩි ගැටලුවක බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ගල් අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇති විගණන වාර්තාව, පාර්ලිමේන්තුව මගින් වහාම නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසත් ආණ්ඩුව එසේ කටයුතු නොකර විවිධ කොමිෂන් සභා පත් කරන්නේ සැබෑ ප්‍රශ්නයෙන් ගැලවීමට බවත් කිරිඇල්ල මහතා චෝදනා කළේය.

පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එවිට විපක්ෂයේ සමගිය දැකගත හැකි වනු ඇති බවත් ඉදිරියේදී ඡන්දයක් පැමිණියහොත් විපක්ෂයේ ප්‍රධාන සන්ධානයක් ගොඩනැගෙන බවත්, එහි නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

එන්.ඩී.බී. බැංකුවේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතු බවත්, මහ බැංකුව එම කටයුතු නිසි ලෙස අධීක්ෂණය කර නොමැති බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 2022 වසරේදී රට බංකොලොත් වන විට මහ බැංකුව නිසි පියවර නොගෙන සිටි බවටද ඔහු චෝදනා කළේය. මීට අමතරව, අයි.එම්.එෆ් (IMF) වැඩපිළිවෙළ විවේචනය කළ පිරිස්ම අද එය ඉදිරියට ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






2 Comments

  1. Boru kiyanda epa. Comisama hoyala balala kiyai.

    ReplyDelete
  2. Hanthaane idam hora.

    ReplyDelete
Previous Post Next Post