මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට...


 කාන්තාවකට පිස්තොලයක් පෙන්වා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (27 ) දින යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පැවසීය.

පසුගිය 25 වනදා ඉලවාලෙයි පෙරියවිලාන් ප්‍රදේශයේදී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉලවාලෙයි පෙරියවිලන් ප්‍රදේශයේදී පසුගිය 25 වනදා කාන්තාවක් සමග ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයා බහින්බස්වීමක් දුරදිග යාමෙන් මන්ත්‍රීවරයා පිස්තොලයක් පෙන්වා අදාල කාන්තාවට තර්ජනය කිරීමේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජජාලා වල පරිසීලනය විය.

කෙසේ වෙතත් අදාල කාන්තාව හා ඥාතීන් විසින් මන්ත්‍රීවරයා පිස්තෝලයක් ගෙන තමන්ට තර්ජනය කොට බියවැද්දුවේ යැයි පවසමින් ඉලවාලෙයි පොලීසියේදී සිදුකොට ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මන්ත්‍රීවරයාට පොලීසියට පැමිණෙන ලෙසට දුන්ම දී තිබුණි.

එහිදී මන්ත්‍රීවරයා අද දින ඉලවාලෙයි පොලීස් ස්ථානයට ගිය අවස්ථාවේදී සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර මන්ත්‍රීවරයා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන ඉලවාලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ

1 Comments

  1. මේකා පිස්සෙක් අංගොඩ රෝහලට දාලා ඔළුවට කරන්ට් එක අල්ලන්නෙ නැතුව බෑ.

    ReplyDelete
Previous Post Next Post