මාලිමා අපි හොරු කියල ජනතාව විස්වාස කරන්නෑ.. භාණ්ඩාගාර වංචාව කලේ පරණ නිල් කොල හොරු..


 ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ නිලධාරියෙකු වංචා දූෂණවලට සම්බන්ධ නොමැති බවත්, භාණ්ඩාගාරයට සහ රජයේ ආයතනවලට එල්ල වන විවිධ බලපෑම් පිටුපස මීට පෙර රට විනාශ කළ "නිල්-කොළ" දේශපාලන හැකර්වරුන් සිටිය හැකි බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වර්තමාන රජයට එරෙහිව එල්ල වන චෝදනා හුදෙක් බලය අහිමි වීමේ වේදනාව මත පදනම් වූ ඒවා බවයි. 

"ගේම් කාරයෝ කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. මහ බැංකුවට, අමාත්‍යාංශවලට සහ පළාත් පාලන ආයතනවලට විද්දේ ඒගොල්ලෝමයි. මුළු රටක් හැකර් කරපු අය තමයි දැන් අපිට චෝදනා කරන්නේ," යැයි ඔහු සඳහන් කළේය.

ජනතාව අපව හොරු ලෙස පිළිගන්නේ නැහැ රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පිළිබඳව අදහස් දක්වමින් සුරවීර මහතා කියා සිටියේ, ජනතාව කිසිසේත්ම මාලිමාවේ නියෝජිතයන් හොරුන් හෝ වංචාකාරයන් ලෙස පිළි නොගන්නා බවයි. "

අදටත් ජනතාව අතර අපට තියෙන විවේචනය තමයි පරණ හොරු ටික ඉක්මනින් අල්ලලා හිරේ දාන්නේ නැහැ කියන එක. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂි එක්රැස් කරමින් නිසි යාන්ත්‍රණයක් හරහා කටයුතු කිරීමට කාලය අවශ්‍යයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

භාණ්ඩාගාරය සාංඝික දේපළක් වගේ රකිනවා මහජන මුදල් සහ මහා භාණ්ඩාගාරය "සාංඝික දේපළක්" ලෙස ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය. 

යම් මූල්‍ය ගනුදෙනුවක අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට එම පරීක්ෂණ රුකුලක් වනු ඇති බවත් ඔහු පැවසීය.

පැරණි දූෂිත දේශපාලන සංස්කෘතියේ පිරිස් විවිධ බාධක පැමිණවීමට උත්සාහ කළද, ඒ සියලු අභියෝග ජය ගනිමින් 2025 වසර රට නැවත නඟා සිටුවන තීරණාත්මක වසරක් බවට පත් කරන බව දේවානන්ද සුරවීර මහතා මෙහිදී සහතික විය.

10 Comments

  1. පුලුවන් නම් ගමට වරෙන්. තොපේ බොරු ඉවරයි. හොරා කන්නෙ නැතුව හම්බකරන් කාල පුරුද්දක් නෑ. සක්කිලි හොරු.

    ReplyDelete
  2. මුන්ව හරිනම් අත් අඩන්ගුවට අරන් හිරේ දාන්න ඕන කියන බොරු වලට. පච කියල හොරා කනවා. පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කෑම හොරාට ඔතාගෙන ගිහින් තමයි ඩොලර් මිලියන ගනන් වලට කෙලියේ. කම්බා හොරු.

    ReplyDelete
  3. ඔය වැල් බයිලා වැඩක් නෑ. මාලිමා ආන්ඩුවේ පාලනය යටතේ රටේ මහජනතාවගෙන් එකතු කරගත් බදු මුදල් සහ විදේශවල සේවය කරන ලාංකිකයින් මහන්සියෙන් උපයාගෙන රටට එවපු ඩොලර් කෝටි ගනන් වැරදි ගිනුම් වලට බැර කරලා තියනවා. රටේ මහජනතාවට අයිති සල්ලි ඔය විදිහට විනාශ කරන්න ඉඩදීලා බකංනිලාගෙන මාලිමා ආන්ඩුවට බෑ. වහාම ඒ සල්ලි වලට වගකිවයුත්තන් සිරගත කරන්න. බයිලා එපා.

    ReplyDelete
  4. තොපිට th එන chandedi hak වීමට නියමිතයි. Wachalya.

    ReplyDelete
  5. තොපිට th එන chandedi hak වීමට නියමිතයි. Wachalya.

    ReplyDelete
  6. මුගෙ නම් ජාතකෙ බල්ලෙක්ගෙන්ම විය යුතුයි. නැතිනම් මුන් මේ කරපු විනාසය නිල් කොල දේශපාලනයට පටලවන්නෑ.

    ReplyDelete
  7. ආරියතිලක

    2024 ජනාධිපතිවරණයට පෙර
    " හොරකම් නො කරාවි" යයි කියන පදනම මත තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්වාස කොට ජනජනාධිපතිධූරයට පත් කළේ. පාර්ලිමේන්තු මැතිවණය දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්වාස කොට, මාලිමාවෙන් ඡන්දය ඉල්ලූ පිරිසට ඡන්දය ලබා දුන්නේ. නමුත් ඒ විශ්වාසය විනාශ වී අවසන්! නැවත ලංකා භූමිය ඇතුලත ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගයට මැතිවරණ ජයග්‍රහනය කිරීම අවසන් බව කියන්නේ ද්වේශයෙන් නො වේ. ඇත්ත එයයි. ඔබ රටේ මහජනතාවට විහිළු කරන හැඩයි. මතිවරණ දෙකට කලින් ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේග අපේක්ෂකයන් කියන ලද හා දෙන ලද පොරොන්දු ප්‍රකාශ හොඳින් අධ්‍යනය කර බලන්න. එවිට තේරේවි රටේ ජනතාවට ජනාධිපතිවරයා හා මාලිමා සාමාජික අය කොපමණ බොරු කන්දරාවක් කියා ඇද්ද යන වග; ජනතා විමුක්ති පෙරමුණේ පෙර වැරදි අමතක කොට ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ මෝඩ කමට නො වන බව ජාතික ජන බලවේගයේ කවුරුත් සිහි තබා ගැනීම වැදගත්. නමුත් කියන දේ නො කරන බව දැන් ජනතාවට පැහැදිලි වී හමාරයි. මාලිමා ඔබ ඇතුලු ජනතා විමුක්ති පෙරමුණ

    1. හොඳින් බොරු ගෙතීමට හැකි බව;

    2. හොඳින් බොරු කිය හැකි බව
    බව;

    3. සැළසුම් ගත ලෙස හොරකම් කළ හැකි බව;

    4. ඒ කරන හොරකම් නීත්‍යානුකූල නිසිලෙස විභාග වීමට ,විමර්ශනය කිරීමට ඉඩ නො දෙන බව (එක් උඋදාහරණයක් පමණක්:- බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට,
    ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍යාංශය බාර අමාත්‍ය ධුරය දරන ජනාධිපතිවරයාද සිද්ධිය වන අවස්ථාවේදී වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කටයුතු කළ බිමල් රත්නායක මහතාද වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සහ වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාද කාරක සභාව හමුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කරැණු විමසිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීම),

    ජනතාවට පැහැදිලි ලෙස ඔප්පු කොට හමාර ය. මාළිමාව කෙරෙහි විශවාස්‍ය තබන පිරිසක් නැතුවා නො වේ. ඒ පිරිස නම් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් ප්‍රතිශතයක් ලෙස 3% හෝ 5% හෝ අතර පමණ පිරිස ය.

    කල් ඉකුත් වූ භාණ්ඩයක වටිනා කම් නැතුවා සේ, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය යන පක්ෂ ලංකා භූමියේ ජන විඥානයෙහි කල් ඉකුත් වී ඇති බව ස්ථීර ය. දැන ගැනීමට ඕන නම් පලාත් සභා මැතිවරණය හෝ ඉදිරි මැතිවරණයකදී හෝ මෙය ඔබට තහවුරු වන්නේ ඉතා කණගාටුදායක ප්‍රතිඵලයකින් බව අවධාරණය කරමු.

    බාල බඩු, කල් ඉකුත් වූ බඩු පරිහණය දුකට මුලයි.


    ReplyDelete
  8. Mungey hoyanna oney jathakey. Parey yana ballanta ipaduna ewunda kiyala.

    ReplyDelete
  9. අමුලික ඇත්ත බං. හොරු නෙමෙයි මංකොල්ල කාරයෝ.

    ReplyDelete
Previous Post Next Post