ඇමලි ලාල්ගේ වත්කම් ප‍්‍රකාශනයේ කෝටි හතක දේපල.. යාළුවෙක් දුන්න කාර් එකක්.. සමාගම්වල කොටස්.. සුපිරි නිවස නෑ..

 


තමන් ඉතා අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති මෙම ලේඛනයට අනුව, මින් පෙර ඇමතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ වත්කම් අතර පරස්පරතාවයක් පවතින බවට චෝදනා එල්ල වේ.

කුරගමගේ දොන් ලාල් කාන්ත යන නමින් පෙනී සිටින මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වන දින සහතික කර ඇති අතර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඒ සඳහා අත්සන් තබා ඇත. එම ලේඛනයට අනුව අමාත්‍යවරයා සතු දේපළ කිහිපයක් මෙසේය.

  • රුපියල් ලක්ෂ 670ක පමණ වටිනාකමකින් යුත් ගොඩනැඟිලි සහ නිශ්චල දේපළ.
  • රුපියල් ලක්ෂ 46ක් පමණ වටිනා රන් පවුම් සහ ආභරණ.
  • මිතුරෙකු ලබාදුන් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක්.
  • කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් 10ක සිදුකර ඇති ආයෝජන.
  • බැංකු ගිණුම්වල ඇති රුපියල් ලක්ෂ 9ක මුදලක්.

උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ සුපිරි තෙමහල් නිවස මෙම වත්කම් ප්‍රකාශයට ඇතුළත් කර නොමැති බවයි.

තමන්ට පෙන්වීමට තරම් වත්කමක් නොමැති බවට අමාත්‍යවරයා මීට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණද, මෙම ලේඛනය මඟින් හෙළිවන කරුණු ඊට පටහැනි බව ඔහු පවසයි.

"බිරිඳගේ වැටුපෙන් ජීවත් වන, දුවගේ ටියුෂන් ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව පක්ෂ සහෝදරයන් ලබාදෙන සහල් සහ පොල්වලින් ජීවිතය ගැටගසා ගන්නා" බව පවසන දේශපාලනඥයෙකු සතුව මෙවැනි වත්කම් පැවතීම පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතී.

මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බවද අදාළ සටහන මඟින් අවධාරණය කර ඇත.




13 Comments

  1. Punarudaya! Way to go!! Salute to the gon people who believed these liers.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් ඉල්ලගත්ත හිල් වෙච්චි ලන්කට් ඇඳපු මෝල් කාන්තත් කෝටිපති. කාවද මුන් රවට්ටනේ?

      Delete
  2. කෝටිගනනක් වටිනා ජුසේ මාවතේ දේපල  ලාල් කාන්ත මිලට ගත්තේ නිශ්ශංක සේනාධිපති විසින් දුන්න අතිවිසාල කප්පම් මුදලෙන් කියල Dark Room එකේ විස්තර 
    කරපු කතාව මේකෙනුත් තහවුරු වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම!

      Delete
  3. අපේ ලාල් සහෝදරයා කිසි දිනක කප්පම් ගන්නා අයෙක් නොවේ.
    ඔහුට කප්පම් ගැනීමට කිසිම උවමනාවක්ද නැත.
    ඔහු නිශ්ෂංකමල්ල රජ පරපුරෙන් පැවත එන නිසා මුළු රජ රටම අයිතිව තිබුනේ ඔහුටය.
    ඒ අපේ සහෝදරයා කළුවා දේව ලාල් කාන්ත නම් පමණය කුරගමගේ දොන් ලාල් කාන්ත යනු නම් වෙනස් කරගත් හොරෙකි.



    ReplyDelete
    Replies
    1. කලුවා දේවගේ නම් ලාලා හකුරෙකි.

      Delete
  4. aiyyo salli, range thamai hondatama karanne

    ReplyDelete
  5. දේශපාලනේ රස රහස.

    ReplyDelete
  6. ගෙදරත් දැම්මම කෝටි 19යි. කොහොමද ඇන්දිල්ල?

    ReplyDelete
  7. kawda උවිඳු කුරුකුලසූරිය

    ReplyDelete
  8. C J අහමඩ්April 16, 2026 at 10:39 AM

    කෝටී 7 ක් කියන්නේ ලොකු මුදලක් නෙවෙය්. මනුස්සයෙක් අමාරුවෙන් එක්රැස් කරපු ඩනය දිහා බලල කුහක විදියට විවේචනය කරන්නේ මෝඩ නෑමොලය සහ උගේ සෙට් එක විතරය්. මාර්ර්ග සංවර්දනය අතින් හොඳම දැක්ම තියෙන්නේ මාලිම ආණ්ඩුවට විතරය්ය්

    ReplyDelete
    Replies
    1. ඔව්, කොටි 7 කියන්නේ වැඩි මුදලක් නෙවෙයි—රැකියාවක් කරලා උපයන සාමාන්‍ය මිනිහෙකුට. හැබැයි කිසිම රැකියාවක් නොකර අවුරුදු 30ක් පුරා පූර්ණ කාලීන දේශපාලනයේ හිටපු බිරිඳගේ වැටුපෙන් විතරක් ජීවත් වෙන්න නම් අමාරුයි. දුවගේ පන්තියේ ගාස්තු ගෙවන්නත් අමාරුයි කියලා කිව්වා.

      රටේ මිනිස්සුන් අතර “ධනපති – නිර්ධන” කියලා පන්තියක් බෙදා හදාපු කෙනෙක්. ඒ වගේම මේවගේ සැප පහසු ගෙවල් හදපු විදිහ ගැන ප්‍රශ්නයක් තියෙනවා.

      එක ජේවීපී මතවාදය වෙනුවෙන් ජීවිත පවා නැති කරගත් අහිංසක මිනිස්සුන්ට ගහපු කණේ පාරක් වගේ නේද? රවටීමක් නේද?

      Delete
  9. Rangaya lava mey wathkam pareeksha karaganna ithin Rangayawa makawala loadiyen nawala ganna wei.

    ReplyDelete
Previous Post Next Post