අපි වගකීමෙන් කියනවා අපේ ජයකොඩි ඇමතිතුමා වංචාවක් කරලා නෑ..


ගල් අඟුරු ආනයනය කිරීමේදී අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත හෝ වෙනත් පාර්ශවයක සෘජු සම්බන්ධතාවයකින් කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව රජය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ඇමති විජිත හෙරත් මහතා පැවසීය
.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ දක්වා සිදු කරන ලද කිසිදු පරීක්ෂණයකින් ඇමතිවරයා මෙවැනි වංචාවකට සම්බන්ධ බව තහවුරු වී නොමැති බවයි.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් නිකුත් වූ විගණන වාර්තාවේ කිසිදු තැනක ඇමතිවරයා වංචාවක් හෝ දූෂණයක් සිදු කළ බවට සඳහනක් නොමැති බවත්, එහි සඳහන් වන්නේ ගල් අඟුරු වල ගුණාත්මකභාවයේ අඩුවක් නිසා යම් පාඩුවක් සිදු වූ බව පමණක් බවත් හෙරත් මහතා පැහැදිලි කළේය.

එසේම, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ පැය හයකට අධික කාලයක් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, එහිදී ද කිසිදු වංචාවක් තහවුරු නොවූ බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී පවා ඔහු සෘජුව මෙවැනි වංචාවකට සම්බන්ධ වූ බවට කිසිදු චෝදනාවක් මතු නොවූ බව විජිත හෙරත් මහතා සිහිපත් කළේය.

ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය රජයේ නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන ප්‍රසම්පාදන කමිටු සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නිර්දේශ මත සිදුවන්නක් බවත්, අමාත්‍යවරයා සැපයුම්කාර සමාගම් සමඟ කිසිදු "ඩීල්" එකක් දමා නැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

නොරොච්චෝල බලාගාරය ආරම්භ කළ දා සිට මේ දක්වා අවස්ථා 41 කදී ගල් අඟුරු ආනයනය කර ඇති අතර, පෙර රජයන් සමයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බව එවකට සිටි අමාත්‍යවරුන්ම පිළිගෙන තිබූ බව හෙරත් මහතා පෙන්වා දුන්නේය.

වර්තමාන රජය මේ පිළිබඳව විනිවිදභාවය තහවුරු කිරීමට කටයුතු කරන බවත්, අදාළ ලිපිලේඛන ආරක්ෂා කර ගැනීම සහ ජනතාවට කරුණු තහවුරු කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

14 Comments

  1. අනිවා මේගොල්ලො කිවුවොත් ඒක පරම ස්ත්යයක්. බොරු එහෙම කියන්නෙම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපි මාලිමාවට , මාලිමාව අපිට

      Delete
  2. ජනපති තුමනි,
    විදුලිබල ඇමති ධුරය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමාට ලබා දෙන්න
    උමා ඔය ව්‍යාපෘතියේ ඔහුගේ අත්දැකීම් සම්භාරය රටටත් ආණ්ඩුවටත් ඉතාම වැදගත්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! ඌ විතරයි තාම කෝටිපතියෙක් වෙලා නැත්තෙ.
      ඒක දුන්නහම ඌත් අවුරුද්දෙන් සුටුස්ගාල කෝටිපතියෙක් වෙයි.

      Delete
  3. ඉතින මහාජනයා ද වංචා කලෙ උබලා බබාලා පච කෙලලා අන්ඩු අරන් ලලයා මන්දිරය හැදුවෙ අර වපර සමරයා කොටිපතියො 🤣🤣🤣 පච වලත් සිමාවක් තියෙනව පචපචපචපච

    ReplyDelete
  4. ඌ වංචාවක් කරල නැත්නම් මොන මගුලකටද යකෝ ඌ ඇමතිකමෙන් ඉල්ලා අස්වුනේ?

    ReplyDelete
  5. ඌ තනියම වංචා කෙරුවේ නෑ තමය්. තොපිල ඔක්කොම එකතු වෙලා කෙරුවේ.

    ReplyDelete
  6. අපිත් වගකීමෙන් කියනවා කට්ටිය අගුරු කල බැලුව නියම රහක් තියෙනවා කියල

    ReplyDelete
  7. Comisame තීන්දුව දැනටමත් හරි වගේ.

    ReplyDelete
  8. මහ එකා අයින් වෙන්න ඕන. ඒකා තමයි ලොකුම වංචා කාරයා. හින්ඩුවා හොරා

    ReplyDelete
    Replies
    1. ඕක තමයි ඇත්ත කතාව.

      Delete
  9. විජි හේරෝ, මීට ඉස්සර උඹල වගකීමෙන් කියපු සෑම කතාවක්ම බොරු කියල පස්සෙ ඔප්පු වුනානේද. 

    ReplyDelete
  10. කුණු හෝදන්න දමපු කොමිසමක් වගේ. රාජකාරියේ ඉන්න අය දාගත්තම පාලනයත් ලේසිනෙ.

    ReplyDelete
  11. ආරියතිලක

    වගකීමෙන් කියන අය වගකීමෙන් දැන ගතයුතු කරුණක් ද ඇත. ඒ රාජ්‍යයේ කුදු මහත් සියලු කාර්ය කර්තව්‍යයන් පිලිබඳව, ජනාධිපතිවරයා පටන් සියලු කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට අණ්ඩුක්‍රම් ව්‍යව්ස්ථා ප්‍රකාරව වගකිව යුතු ය. ඒ වගකීම අමාත්‍ය මණ්ඩලය සාමූහිකව ද වන්නේ ය. රාජ්‍යයයේ කාර්ය හා කර්තව්‍ය කිසිදු ලෙසකින් නිළධාරීන් පිට දමා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට හෝ අමාත්‍යවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව හැකියාවක් නැත්තේ ය. රාජ්‍ය පාලනයේ සියලු කුදු මහත් කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගවිය යුත්තේ ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍යවරුන් මිස රාජ්‍ය නිලධාරී නො වන බව කිව යුතු ය. රටේ ජනාධිපතිවරයා හා අමාත්‍යවරු සිටින්නේ වැඩ කිරීමට නොව නිවැරැදි ලෙස වැඩ කරවා ගැනීමට ය. රාජ්‍යට කිසිදු අගතියක් නො වන ලෙස අමාත්‍යංශ ලේක්ම්වරයා පටන් පහළ ම රාජ්‍ය නිලධාරියා දක්වා වැඩ කාරවා ගැනීම, අධීක්ෂණය කිරීම, ජනාධිපතිවරයාගේ හා අමාත්‍යවරුන්ගේ කාර්ය හා කර්තව්‍යය ය. රාජ්‍යට වන, ස්වාභාවික විපත්වලින් තොර සියලු පාඩු හා අලාභ, හානි, කටයුත්ත නිසි පරිදි නො කර හැරීමෙන් වෙන්නා වූ දූෂණය, වංචා, හා සියලු ආකාර අලාභ වළක්වා ගැනීමට ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය සාමූහිකව බැඳී ඇත්තේ ය. එසේ ම පාර්ලිමේන්තුවට වගකිව යුතු ද වේ. එම වගකීම සඳහා ම ය රටට ජනාධිපතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලය පත් කොට ඇත්තේ; අමාත්‍ය මණ්ඩලයට අයත් නො වන ඇමතිවරුන්ද වගකීමට බැඳී ඇත්තේ ය. යම් කාර්යකින් කුමන හෝ ආකාරකින් (ස්වභාවික විපත් හැර) රාජ්‍යයට අලාභයක් පාඩුවක් දැනුවත් භාවයෙන් හෝ නො දැනුවත් භාවයෙන් සිදු වන්නේ ද, එහි වගකීම් විෂය භාර අමාත්‍යවරයා සතු ය. සාමූහික වගකීමෙන් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය වගකීමට බැඳී යන්නේ ය. රාජ්‍ය පාලනය පැමිණි ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය රටේ ජනතාවගේ ජනවරමට ගරු කළ යුතු ය. හිස් නැමිය යුතු ය. රාජ්‍ය පාලනයට පැමිණ වැරදි සිදු වීමට ඉඩ හැර, වැරදි හදා ගන්නා හෝ ඉගෙන ගන්නා පෙර පාසලක් (මොන්ටිසෝරියක්) නො වන බව කිව යුතු ය. ගල් අගුරුවලින් රාජ්‍යයට් සිදු වී ඇති පාඩුව හා වගකීම් පැහැර හැරීම් සම්බ්න්ධයෙන් විජිත් හේරත් අමාත්‍යවරයාගේ කීම කිසිදු ලෙසකින් රටට හෝ ජනතාවට ප්‍රයෝජයක් නැත්තේ ය. වගකීම් පැහැර හැර නාහෙන් ඇඬීම රාජ්‍යපාලනය නොවන බව ද සිහි ගැන්වීම සුදුසු ය.

    ReplyDelete
Previous Post Next Post