රජයේ කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
මෙහි ප්‍රධාන පියවරක් ලෙස, පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධුරය සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
මෙම නව පත්කිරීම පිළිබඳව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා ආචාර්ය කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවයි.
මීට අමතරව, අමාත්‍ය ධුර කිහිපයක සංශෝධන සිදුවනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

බූරු කුට්ටමේ මොන කොලේ ඇද්දත් එන්නේ එක්කෝ ජෝකරයේක් නැත්නම් බූරුවෙක්මයි
ReplyDelete