විදෙස් සංචාරකයන් ලංකාවේදී සල්ලි වියදම් කිරීම හොදටම අඩු කරයි...


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශය මගින් මෙහෙයවන ලද නවතම අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මෙරට තුළ සිදුකරන වියදම් ප්‍රමාණයෙහි පැහැදිලි පසුබෑමක් දක්නට ලැබේ. 

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ, වසර හතක කාලසීමාවක් ආවරණය වන පරිදි සිදුකළ දීර්ඝකාලීන දත්ත විශ්ලේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවයි.

පසුගිය වසරේදී මෙරටට පැමිණි විදේශිකයෙකු සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 1800ක පමණ මුදලක් වැය කර තිබුණද, වර්තමානය වන විට එම අගය ඩොලර් 1300 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.

ලෝක ව්‍යාප්ත සාධක මෙන්ම විවිධ ආර්ථික බලපෑම් හේතුවෙන් සංචාරකයන්ගේ මෙම වියදම් කිරීමේ හැකියාව සීමා වී ඇති බව අදාළ පර්යේෂණ වාර්තාව වැඩිදුරටත් තහවුරු කරයි.

මෙම තත්ත්වය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බව මහාචාර්යවරයාගේ අදහසයි.

2 Comments

  1. also, tourists will Benefit from subsidies given to people.

    ReplyDelete
  2. ලංකාවේ foods Expenses ආසියාවේ වියදම් වැඩිම රට බවට පත්වෙමින් තියනව. රෙස්ටුරන්ට් එකකින් කෑවොත් සාමාන්‍යයෙන් රුපියල් දහ පහළොස් දාහක්වත් යනව. විදේශිකයො නැවතිලා ඉන්න හෝටලයකින් sandwich එකක් කෑවොත් රුපියල් 1,500 විතර යනවා. පාන් පෙති දෙකක් හතරට කපල තමයි දෙන්නේ.අනෙක් කෑම බීමත් අධික මිල ගනන් වලට තමයි විකුනන්නේ. අනෙක් කාරණය ලංකාවට එන වැඩිපුර සංචාරකයින් ඒ රටවල ඉන්න මධ්‍යම පාන්තිකයන්.. ඔවුන් ඉස්සර පන්දාහෙන් කරන වැඩේ දැන් දාහෙන් කරගන්නවා.

    ReplyDelete
Previous Post Next Post