රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලද කුඩා ප්‍රමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි Sunday Times වාර්තා කරයි.
මෑතකදී දිවයිනට පැමිණි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව කැමැත්ත පළ කරන්නේ නම් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව සූදානම් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි පමණක් බවයි.
රුසියාව සමඟ න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ සාකච්ඡා වසර කිහිපයක සිට ක්‍රියාත්මක විය. පසුගිය මාර්තු මුලදී විදේශ අමාත්‍යවරයා හමුවූ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා ද ඉන්ධන මිලදී ගැනීම් පිළිබඳ සාකච්ඡා අතරතුර මෙම න්‍යෂ්ටික විකල්පය පිළිබඳව නැවත මතක් කර දී තිබේ.
රුසියානු යෝජනාවට මීට පෙර එකඟ වූයේ නම්, ශ්‍රී ලංකාවට අද වන විට බලශක්ති හිඟයකට මුහුණ දීමට සිදු නොවන බව තානාපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති විකල්පය පිළිබඳ ඉතිහාසය 2010 දක්වා දිවෙන අතර, ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර තිබුණි.
එසේම 2023 වසරේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය, ගොඩබිම හෝ මුහුදේ ස්ථාපනය කළ හැකි න්‍යෂ්ටික බලාගාරයක් සම්බන්ධයෙන් වූ රුසියානු යෝජනාව පිළිබඳව ද අවධානය යොමු කර තිබුණි.
රුසියාව මේ වන විටත් ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි කලාපීය රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් සිදු කරනු ලබයි. එහෙත් මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිත කිරීමට මෙතෙක් තීරණාත්මක පියවරක් ගෙන නොමැත.

This comment has been removed by the author.
ReplyDeleteWhat is the issue with Russia?
ReplyDeleteමේවට ඉඩ දෙන්න බෑ. ඩීසල්, ගල් අඟුරු ටෙන්ඩර් වලින් ඩොලර් මිලියන් ගනනින් අපිට එන කොමිස් නැතිවෙන්න ඉඩ දෙන්න බෑ. කොමිස් කියන්නේ අපේ වරප්‍රසාදයක්.
Deleteපුනර්ජනනීය බලශක්තිය කියලා ඩීසල් බලාගාර වලින් දුවනවා 🤌🏻සූර්ය විඳුලියටත් ගෙවන ගාන අඩු කරලා අධයිරමත් කළා .
ReplyDeleteඉතින් බං කොමිස් ගහන්න එපැයි. වඳුරු මොටෙක් දාලා රටටම ලයිට් කපලා සැලසුම් සහගතව ආවේ මේකටනේ.
Deleteගල් අඟුරු වලින් කොමිස් ගහලා ඉතුරු ටික ඩීසල් බලාගාර වලින් ගහ ගන්නවා. ඇත්තටම ඩීසල් යුනිට් එකක් 101ට ගත්තට, යුනිට් එකක් හදන්න එච්චර යන්නෙ නැහැනේ.
රුපියල් 60යි යන්නේ. ඉතුරු 41 අනුර කුමාරයි, ගල් අඟුරු කුමාරයි තමයි ගහගන්නේ.
හැබැයි මෙහෙමයි. එයාලා කොටසක් අරගෙන ඉතුරු ටික පක්ශ අරමුදලට දෙනවා. ඒකෙන් පක්ශෙම දුවනවා.
ගොන්නු ටික යුද්ධෙ නිසා මෙහෙම උනේ කිය කියා ගෙවනවා.
සෝලාර් ගහපු සමාගම් හාන්සියි.
Deleteදැන් ආයේ ඒ සමාගම් හැදෙන්නේ නැහැ. ජෙප්පො උන්ව නැතිම කරලා දැම්මා.
සෝලාර් ගහපු උන්ටත් රෙපෙයාර් කරන්න එහෙම ගියාම තමයි තේරෙන්නේ.
තෙල්, ගල් අඟුරු වලට යන සල්ලි මාසෙකට ඩොලර් මිලියන 250ක් (රුපියල් කෝටි 7850ක්) වත් ඉතුරු කර ගන්න තිබුනා සෝලාර් ටිකයි, සුලං බලාගාර ටිකයි හැදෙන්න දුන්න නම්.
Deleteකොහෙද ඉතින් 68 ලක්ශෙකට වෙනසක් ඕන උනානෙ. දැන් ඉතින් ගෙවපන්කො උන්ගෙ පව් එක්කම
රුසියාවට තේරෙන්නෙ නැහැනේ. එහෙම කරාම කොහොමද කොමිස් ගහන්නේ.
ReplyDeleteඩීසල් වලින් තමයි කොමිස් හම්බෙන්නේ. බැහැනෙ ඔයාලත් එක්ක කරන්න.
ඉන්දියාව කැමති නෑ ... අපි රෙන්නෙත් ඉන්දියාවේ ජයෂන්කර් කියන පැත්ත බලලා.. එපා කිව්වොත් කලිසමේ කක්කා දාගෙන ඉන්නේ .. අර ඉන්දීයේ කෙල්ලෙක් ප්‍රශනයක් අහපු වෙලෙත් මම රීගෙන හිටියේ .. මීට විජිත මනමාල හේරත් ... හෙවත් ඇල්ලේ ඔලුබක්කා
ReplyDeleteMarks Lenin Castro Che na ban dan unwa pannala dan American jangiya andan inne eka therum ganilla
ReplyDeleteGood decision. Thaama Lankava bankruptcy eken goda avith na. Ae asse කුඩා ප්‍රමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘති valata USD billion ganan salli UPFRONT yata karanne kohomada? Thel nidhi valatath aekama thama vela thiyenne. Rajapaksalage kulunu gahilla vagey vei.
ReplyDeleteO