යලික් ඉන්ධන මිල සංශෝධනයක්.. රජයත් ටිකක් බර දරනවාලු..


ලෝක වෙළඳපොළේ පවතින මිල විචලනයන් සැලකිල්ලට ගනිමින්
, ලබන මස මුලදී මෙරට ඉන්ධන මිල ගණන් යළි සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මේ දිනවල පවත්වනු ලබන බව වාර්තා වෙයි.

කළුතර පැවති රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, පවතින ගෝලීය තත්ත්වයන් මත ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවන බවයි.

කෙසේ වෙතත්, එහිදී ඔහු අවධාරණය කලේ මිල ඉහළ දැමීමක් සිදු කළද, එහි සම්පූර්ණ බර ජනතාව මත පටවන්නේ නැති බවත් මිල වැඩිවීමෙන් සැලකිය යුතු කොටසක් මහා භාණ්ඩාගාරය විසින් දරා ගැනීමට නියමිත බවත්ය.

මිල වැඩිවීමේ තවත් කොටසක් අදාළ ඉන්ධන සමාගම් විසින් දරා ගන්නා අතර, ජනතාවට දැරීමට සිදුවන්නේ යම් ප්‍රමාණයක මිල වැඩිවීමක් පමණි.

ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන පෝලිම් සහ අර්බුදවලට මුහුණ දී සිටියද, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කැපවී සිටී.

පවතින යුදමය තත්ත්වය පහව ගිය වහාම හැකි ඉක්මනින් මෙම මිල ගණන් අඩු කිරීම රජයේ බලාපොරොත්තුවයි.

ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වන පරිදි මෙම තත්ත්වය කළමනාකරණය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

5 Comments

  1. 286 ටගෙනැල්ල මිනිස්සු මරන්නෙ නැතුව ඉල්ලා අස්වෙයල්ල. රජය කියන්නෙ ජනතාව තමයි. නැතුව අනුරගෙ තෙල්
    ලින් වලින් ගේන ඒවා නෙවෙයිනේ.

    ReplyDelete
  2. ඩොලර් 100ට ගේන්න පුලුවන්කම තියෙද්දී, ඩොලර්286ට ගෙනාවාම පාඩු නොවී තියේවියැ.

    ReplyDelete
  3. ඔට්ටුයි බෑ පුලුවන් නම් මිල සූත්‍රයට අනුව ගාන හදල පෙන්නලා මෙන්න මෙච්චර ගානක් රජය දරනවා කියලා පෙන්නපල්ල.උඹලට ඒක පෙන්නන්න බෑ හොරා කන ගාන අහුවෙනවා පැලවත්තට යන ගාන අහුවෙනව. මොනා උනත් මිල සූත්‍රය අඳුන්වල දීපු දවසේ ඉදලා උඹලගේ ආණ්ඩුව එනකං හැමදාම ඒක මිනිස්සුන්ට බලාගන්න විනිවිදව තිබුනා.දැන් ඒකත් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් වගේ හංගලා.

    ReplyDelete
  4. ලෝකෙ වැඩිම පිරිවැය දරල රටේ මිනිස්සු මරන්නැතිව කට්ටියම ගෙදර ගියානම් ලොකු දෙයක් .

    ReplyDelete
  5. අමු කෙප්ප

    ReplyDelete
Previous Post Next Post