අලුත් අවුරුද්දේ රජයේ නැකැත් සීට්ටුව මෙන්න...


සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කරනු ලබන ලිත් කර්තෘවරුන් හා ජෙන්තිය වේදීන් අතර
2026 මාර්තු මස 16 වන දින පෙරවරුවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී 2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සම්බන්ධයෙන් ඇති කරගත් පොදු එකඟතාවන් මත සකස් කළ ශක වර්ෂ 1948 හෙවත් ව්‍යවහාර වර්ෂ 2026 අලුත් අවුරුදු නැකැත් සිට්ටුව

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රියෙල් මස 19 වන ඉරිදා දින ද, නව සඳ බැලීම මැනවි,

තෙල්වලං ප තැබීම

අප්‍රේල් මස 05 වන ඉරිදා දින පූර්වභාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තෙල්වලං ලිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යේදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාය 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පුර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවක්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහතපරිදි ඉටුකිරීමත් මැනවි.

ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රා සරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

තිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වන බදාදා පුර්ව භාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොත් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

හදිසි රාජකාරි සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන සිකුරාදා දින පූර්වභාග 05.38 ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරි බතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 20 වන සදුදා පුර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ.

අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරි බතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවී.

පැළ සිටුවීම

අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09. 01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

Previous Post Next Post